ඔහු අප සැම හොඳින් හඳුනනා ආතර් සී ක්ලාක් මහතායි. ඔහු එදා අනාගතය ගැන පල කල අනාවැකි බොහොමයක් අද සත්‍ය වී තිබෙනවා. මේ පුදුමාකාර සිදුවීම් ගැන අද ඔබට ඉදිරිපත් කරන්න අපි තීරණය කළා. ඔහු මෙම අදහස් පල කරන කාලයේදී එවැනි තාක්ෂණයක් ගැන සිතා ගන්නවත් බැරි තරමේ අඩු තාක්ෂණයක් තමයි පැවතුනේ. ඔහු තම අදහස් වැඩියෙන්ම හෙළි කරලා තියෙන්නේ ප්‍රබන්ධ කතා යොදා ගනිමින්. හැබැයි ඒවා මේ වෙද්දී සෙමින් සෙමින් ඇත්ත වෙමින් පවතිනවා.
චන්ද්‍රිකා තාක්ෂනය ගැන අදහසක්වත් නොතිබුණු කාලයේ මෙතුමා මේ ගැන අදහසක් පල කරනවා. ඒ The future of World Communication නම් විද්වත් හමුවේදී, 1945 වසරේදීය. ඔහු විසින් අභ්‍යවකාශයේ කක්ෂගත කරන ලද චන්ද්‍රිකා තුනක් මගින් මුළු ලොවටම එක්වර පණිවිඩ යැවිය හැකි බව පැවසුවේය.
තවත් වරෙක ඔහු DNA විශ්ලේෂණය මගින් ජීව විද්‍යාත්මක සාක්ෂි ලබාගත හැකි බව පවසනවා.
ඉලෙක්ට්‍රොනික තාක්ෂණය භාවිතා කරමින් අනාගතයේදී වෘත්තීය අපරාධකරුවන් හදුනාගැනීමට හැකි වන බව පවසා තිබෙනවා.
කෘතීම බුද්ධියක් සහිත පරිඝනකයක් ගැන ඔහු අනාවැකි පල කර තිබෙනවා. මෙය ක්‍රියා කරන්නේ මිනිසාගේ පාලනයකින් තොරව බවත් පැවසෙනවා. අභ්‍යවකාශ යානාවක ගමන සම්පුර්ණයෙන්ම මෙම කෘතීම බුද්ධිය විසින් පාලනය කෙරෙන බව කියවෙනවා.
න්‍යෂ්ටික විලයන ප්රතික්රියාවන්ගෙන් බලගැන්වෙන රොකට් ගැනත්, සඳ සහ ග්‍රහලෝක වෙත ගමන් කරන බවත් ඔහු අනාවැකි පල කරනවා.
ග්‍රහලෝක අතර ගමන් කිරීමේදී අවුරුදු ගණනාවක් ගත වෙනවා. මේ කාලය තුල සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ ආයු කාලය අවසන් වෙනවා. නමුත් අනාගතයේදී ඒ ගමන් කරන කාල සීමාව තුල මනුෂ්‍යයන් දැඩි නින්දකට (Suspended animation) පමුණුවන බව කියවෙනවා. ගමනෙන් අනතුරුව යම් ක්‍රමයකින් නැවත මගියන්ව පණ ගන්වනවාලු.
අනාගතයේදී මාංශ වෙළඳාම සඳහා තල්මසුන් යොදා ගන්නා බවත්, ආගමික නායකයන් එයට විරුද්ධ වන නිසා ඇල්ගී යොදා ගනිමින් කෘතීම මස් නිපදවෙන බවත් හෙළි කර තිබෙනවා. ඒ සඳහා කෙතරම් දියුණු තාක්ෂණයක් යොදා ගන්නවාද කියනවා නම් සැබෑ මස් පෙත්තක සහ ඇල්ගී මස් පෙත්තක වෙනස පළපුරුදු කොකියෙක්ටවත් හඳුනා ගන්න බැරි වෙනවාලු.
රොකට් යානා භාවිතය පසු කාලයේදී නවතා දමනවාලු. ඒ වෙනුවට අභ්‍යවකාශ සෝපානයක් නිපදවනවාලු. ඒ සඳහා යොදා ගන්නේ කාබන් නැනෝ තාක්ෂනය බව ඔහු පවසා තියෙනවා. ඒ වගේම මෙම අභ්‍යවකාශ සෝපානය සකස් කරන්නට හොඳම ස්ථානය ශ්‍රී ලංකාවේ සීගිරිය බව පැවසෙනවා.
හිතේ මැවෙන දේ මොලය පරිඝනකයකට සම්බන්ධ කිරීම හරහා බලා ගත හැකි බවට අනාවැකි පල කර තිබෙනවා.
උපුටා ගැනීම: techexpert
