වට්සැප් ඉතිහාස කතාව 

Mic
By Mic

වට්සැප් ගැන නොදන්නා කෙනෙක් නැහැ. ෆේස්බුක් සමාගම විසින් වට්සැප් 2014 වසරේදී මිලට ගත් කතාවත් ඔබ අහලා ඇති. එහෙනම් අපි බලමු මේ වට්සැප් ඇප් එක නිර්මාණය වීමේ කතාව.

වට්සැප් ඇප් එක නිර්මාණය කරලා තියෙන්නේ යුක්රේන තරුණයෙක්. ඔහුගේ නම ජෑන් කොඋම්.

ඔහු යුක්රේනයේදී ගත කරලා තියෙන්නේ බොහොම දුෂ්කර ජිවිතයක්. ඔහු යුක්රේනයේ ජිවත් වුනු කාලයේදී ඔහුට දුරකතනයක්වත් තිබිලා නැහැ. කෙසේ හෝ අධ්‍යාපනය ලබා ඉහලට පැමිණීමේ අරමුණ නිසා ඔහු සහ පවුලේ පිරිස ඇමරිකාවට සංක්‍රමණය වුනු බව ඔහු පවසා තිබෙනවා. 

ඇමරිකාවේදී ජිවත් වීමට ඔවුන්ට රජය විසින් දිළිඳු නිවාස සංකීර්ණයකින් එක් නිවසක් සහ ආහාර මුද්දර සලාකයක් පිරි නමා තිබේ. එහි පිහිටෙන් ජීවිතය ගැට ගසා ගත්තත්, ඔහුට අධ්‍යාපනය ලබන්න තරම් ආදායමක් තිබුනේ නැහැ. ඉතින් ඔහු අධ්‍යාපනය ලබන අතරතුරේ පිරිසිඳු කිරීමේ රැකියාවන්හි නිරත වෙලා මුදල් හොයා ගන්නවා.

නමුත් ඒ මුදල් ප්‍රමාණය ඔහුට තොරතුරු තාක්ෂණය පිලිබඳ ඉගෙන ගන්නට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එයට විසඳුමක් විදිහට ඔහු පුරුදු වෙනවා පුස්තකාලයෙන් තොරතුරු තාක්ෂණය පිලිබඳ පොත් අරගෙන ස්වයං අධ්‍යනයක යෙදෙන්න. ඒ විතරක් නෙවේ, ඔහු පරණ පොත් විකුණන කඩ වලටත් ගොඩ වැදිලා තොරතුරු තාක්ෂණය සම්බන්ධ පොත් පත් අඩු මිලට ලබා ගන්නවා.  

කාලයත් සමඟ පරිඝනකයක් මිලදී ගෙන ඔහු විශ්වවිද්‍යාලයට ඇතුලේ වෙනවා. එය මඟින් නවතා “යාහු” සමාගමේ රැකියාවකට බැඳෙනවා. “යාහු” ආයතනයේදී ඔහුට නව මිතුරෙක් මුණ ගැහෙනවා. මේ මිතුරා බ්‍රයන් ඇක්ටන්. 

මේ දෙදෙනා “යාහු” ආයතනයෙන් ඉවත් වෙලා ඇප් නිර්මාණකරණය ආරම්භ කරනවා. මේ අතරතුරේදී තමයි ඔවුන් වට්සැප් ඇප් එක නිර්මාණය කරන්නේ. වට්සැප් මගින් මුලදී හැකි වුනේ මෙසේජ් හුවමාරු කර ගැනීම පමණයි. නමුත් ටික ටික එය ජායාරුප හුවමාරුව සහ වීඩියෝ ඇමතුම් ලබා ගැනීම දක්වා දියුණු වුනා. 

අවසානයේදී ඇමරිකාවේ ෆේස් බුක් සමාගම මේ වට්සැප් ඇප් එක ඩොලර් බිලියන 19කට මිලදී ගැනීමට කැමැත්ත පල කර සිටියා. එම ගනුදෙනුවේ වටිනාකම ශ්‍රී ලාංකීය රුපියල් වලින් බිලියන 2500කට ආසන්න වුනා. එම ගනුදෙනුව සිදු වූ 2014 වසරේදී වට්සැප් භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව මිලියන 450ක් පමණ වුණා. ඒ නිසා එය ෆේස් බුක් සමාගමට වටිනා මිලදී ගැනීමක් වුණා. 

මෙහි ඇති විශේෂත්වය වන්නේ වට්සැප් සම නිර්මාතෘවරුන් වන ජෑන් කොඋම් සහ බ්‍රයන් ඇක්ටන් යන දෙදෙනාම ඊට පෙර ෆේස් බුක් සමාගම හා සම්බන්ධ වීමට අයදුම්පත් යවා ප්‍රතික්ෂේප වුවන් වීමයි. ඉතින් ඒ විදිහට ෆේස් බුක් ආයතනයේ රැකියාවක් ලැබීමට වරම් නොලැබුණු ඔහුට ෆේස් බුක් සමාගමේ කොටස්කරුවන් වීමට අවස්තාව හිමි වුනි. 

ඔහු 2018 වසරේදී තමන් සතු කොටස් වලින් භාගයක් විකුණා දැමුවේය. 2019 වසරේදී ඉතිරි කොටස් ප්‍රමාණයත් විකුණා ෆේස් බුක් අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ඉවත් වන බව ඔහු පැවසුවත්, තවමත් එම තීරණය ක්‍රියාත්මක කර නැහැ.

උපුටා ගැනීම: techexpert

Share This Article