ඔබගේ Wi-Fi ජාලය යල් පැන ගිය හෝ දුර්වල සංකේතන ප්‍රොටෝකෝල භාවිතා කරන බව දැක ගත හැකිය (උදා., WPA හෝ WPA2 වෙනුවට WEP).
ආරක්ෂාවක් ඇති වයිෆයි ජාලයකට පිට අයෙකු සම්බන්ධ වීමේදී මුර පදයක් ඇතුළු කළ යුතුයි. නමුත් ඔබගේ wifi ජාලය ආරක්ෂිත නොමැති නම්, එයට ඇතුළු වීමට මුර පදයක් අවශ්‍ය නැති බව දැක ගත හැකිය. එය ඕනෑම අයෙකුට විවෘත wifi ජාලයක් ලෙස පෙනෙනු ඇත.
වෙබ් අඩවි පිරික්සීමේදී, URL හි “https://” වෙනුවට “http://” ලෙස පෙනේ. සංවේදී තොරතුරු ඇතුළත් කිරීමේදී සැමවිටම “https://” සහිත වෙබ් අඩවි භාවිතා කල යුතුය. සෙවුම් ප්‍රතිඵල හරහා පෙන්වන “http://” සහිත වෙබ් අඩවි වලට පිවිසීඑමෙන් ඔබේ ආරක්ෂාව පහත වැටේ.
ජාලයට ඇතුළු වීමේදී සත්‍යාපන ක්‍රියාවලියක් දක්නට නොලැබේ. අමතර ආරක්ෂාවක් එක් කිරීමට WPA-PSK හෝ WPA2-PSK වැනි ජාල සත්‍යාපන ප්‍රොටෝකෝල ස්ථාපිත කරන්න.
ඔබගේ පෞද්ගලික Wi-Fi ජාලය පොදු ජාලයක් ලෙස පෙනෙනවා නම් එයත් ගැටළුවක්.
ඔබගේ Wi-Fi සංඥා පමණට වඩා දුර්වල නම් එයින් පෙන්නුම් කරන්නෙත් අවදානමක් වෙන්න පුළුවන්.
ඔබට අයත් නොවන උපාංග ඔබගේ Wi-Fi ජාලයට සම්බන්ධ වී ඇති බව පෙනේ නම් එහි අදහස වන්නේ එය අනාරක්ෂිත තත්වයකට පත් වී ඇති බවයි. මේ නිසා නිතර නිතර ඔබේ සම්බන්ධතාවයට එකතු වී ඇති අනවසර උපාංග තිබේ දැයි පරීක්ෂා කරන්න.
උපුටා ගැනීම: techexpert
