2026 වෙද්දී Software එකක් හදන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. දැන් අපි කරන්නේ “Code ලියන එක” නෙවෙයි. ඔයා තාමත් පරණ විදිහටම එක එක bracket එක ගානේ ටයිප් කරනවා නම්, මේ අලුත් විප්ලවය ගැන දැනගන්නම ඕනේ.
මොකක්ද මේ “Vibe Coding” ![]()
සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑමර් කෙනෙක් code එකක තියෙන පොඩි වැරැද්දක් (Syntax error) හොයන්න පැය ගණන් නාස්ති කරනවා. හැබැයි Vibe Coding වලදී අපි syntax ගැන වද වෙන්නේ නැහැ. අපි බලන්නේ අපේ idea සහ Logic එක ගැන විතරයි.
අපි කරන්න ඕනේ දේ සරල ඉංග්‍රීසියෙන් AI එකට (Cursor හෝ Replit වගේ tools වලට) කියනවා. AI එක මුළු software එකම හදලා දෙනවා. ඒකේ මොකක් හරි අඩුවක් තිබ්බොත්, අපි code එක අතින් හදන්නේ නැතුව ආපහු AI එකට කියලා ඒක නිවැරදි කරගන්නවා. මේකට තමයි “vibe coding” කියන්නේ.
චිත්‍රපට අධ්යක්ෂකවරයෙක්ගේ උදාහරණය ![]()
මේක හරියට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වගේ වැඩක්:
අධ්‍යක්ෂක (ඔයා): ඔයා කැමරාව අල්ලන්නේ නැහැ, රඟපාන්නේ නැහැ. හැබැයි මුළු කතාවම තියෙන්නේ ඔයාගේ ඔලුවේ. ඔයා උපදෙස් දෙනවා.
කාර්ය මණ්ඩලය (AI): ඔවුන් කැමරා අල්ලනවා, ලයිට් දානවා, ඒ කියන්නේ coding කරන බර වැඩේ කරන්නේ ඔවුන්.
ප්‍රතිඵලය: ඔයා කැමරාවක්වත් අල්ලන්නේ නැතුව සුපිරි චිත්‍රපටයක් නිර්මාණය වෙනවා.
Vibe Coding වලදී ඔයා කරන්නේ software එකක “Director” කෙනෙක් වෙන එකයි.
ඇයි මේක වැදගත් වෙන්නේ? ![]()
වේගය: මාස ගණන් යන වැඩ දැන් පැය කිහිපයකින් කරන්න පුළුවන්.
බාධක නැති වීම: App එකක් හදන්න දැන් අවුරුදු ගාණක ඩිග්‍රී එකක්ම ඕනේ නැහැ. හොඳ ලොජික් එකක් තියෙන ඕනෑම කෙනෙක්ට මේක කරන්න පුළුවන්.
නිර්මාණශීලීත්වය: දැන් engineer කෙනෙක්ට පුළුවන් code එක ටයිප් කරන එකට වඩා, අලුත් දෙයක් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක ගැන වැඩිපුර හිතන්න.
උපුටා ගැනීම : මුහුණු පොත (Gen AI)
