Microsoft AI Diffusion Report (H2 2025) අනුව, ලංකාවේ AI user share එක 6.6 percent පමණයි. H1 2025 සිට වර්ධනය වුණේ 0.4 percentක් විතරයි. ඒ අනුව, ලංකාව ලෝකයේ AI භාවිතය අඩුම ආර්ථිකයන් අතරට පත්වෙලා.
මෙයින් කියවෙන්නේ මොකක්ද
• මෙය අපේ අයගේ බුද්ධිය හෝ දක්ෂතාව ගැන ගැටලුවක් නෙමෙයි
• මේ පිළිබඳ නොදැනුවත්කම, awareness අඩු වීම, සිංහලෙන් භාවිතයට ඇති අසීරුතා, access සහ skills ගැටලු නිසා daily use කරන අය බොහෝ අඩුයි
• බොහෝ දෙනා AI එක basic learning හෝ work tool එකක් ලෙස නොව, optional දෙයක් ලෙසම දකිනවා
සසඳලා බැලුවොත්
• UAE සහ Singapore 60 percent ට වඩා ඉහළ
• බොහෝ developing රටවල් 10–13 percent ඉක්මවා ගිහින්
• ලංකාව තවම 7 percent ටත් පහළ
අවදානම (Risk)
මෙම gap එක දිගටම පැවතියහොත්, අපේ students සහ graduates ලෝකය සමඟ තරග කරන වෙලාවට disadvantage එකක් ඇතිවෙන්නේ degree නැති නිසා නෙමෙයි, AI working skills නැති නිසා.
මගේ භූමිකාව (My role)
AI educator කෙනෙක් ලෙස, ලංකාවේ students සහ professionals අතර practical AI skills පැතිරවීමට මම සක්රීයව උත්සාහ කරමින් ඉන්නවා. රජය හා අදාල ආයතන Policy හදනකම් බලා ඉන්න බැහැ. Awareness, correct use, සහ daily practice තමයි මේ gap එක වහන්න තියෙන fastest way එක.
අවස්ථාව (Opportunity)
Students, teachers, professionals සහ small businesses අදම AI භාවිතය ආරම්භ කළොත්, මේ gap එක තවමත් වසාගන්න පුළුවන්.
Early action is the key.
උපුටා ගැනීම : මුහුණු පොත ( Dr. Hiran Amarasekara )
