Telegram සමාගම ඔවුන්ගේ Android app එක සඳහා “Liquid Glass” design එක හඳුන්වා දී තිබෙනවා. version 12.4.0 සමඟ පැමිණෙන මෙම update එක මඟින් app එකේ පෙනුම සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම නවතම වෙනස්කම් අතරට, iOS app එකේ මෙන්ම පහළින් Chats, Contacts, Settings, සහ Profile ලෙස tab හතරක් සහිත bottom bar එකක් හඳුන්වා දීම ප්‍රධාන වෙනවා. විශේෂයෙන්ම app එකේ light mode එක භාවිතා කිරීමේදී විනිවිද පෙනෙන (transparent) ස්වභාවයක් වැඩිපුර දැකගත හැකියි. කලින් තිබූ hamburger side menu එක ඉවත් කර, “New Group” වැනි features දැන් ඉහළ දකුණු කෙළවරේ ඇති තිත් තුනේ menu එකකට ගෙන ගොස් තිබෙනවා.
මීට පෙර Telegram iOS app එක සඳහාද මෙම Liquid Glass design එක හඳුන්වා දුන් අතර, Android app එකේ මෙම වෙනස්කම් පිළිබඳව පරිශීලකයින්ගෙන් මිශ්‍ර ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.
උපුටා ගැනීම : Techie instants
