Discord විසින් ලබන මාසයේ සිට ලොව පුරා සියළු ගිණුම් සඳහා age verification ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිතයි. මේ යටතේ, සියළු ගිණුම් ස්වයංක්‍රීයව “teen-appropriate” ලෙස සකස් කෙරෙන අතර, වැඩිහිටියෙකු බව තහවුරු නොකරන අයට age-restricted servers සහ channels වලට පිවිසීම සීමා කෙරේ.
වයස තහවුරු කිරීම සඳහා AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන “facial age estimation”, රජයේ හැඳුනුම්පතක් third-party vendor කෙනෙකුට යොමු කිරීම, හෝ පරිශීලක හැසිරීම් සහ metadata විශ්ලේෂණය කරන “age inference model” එක භාවිතා කළ හැක. මේ හරහා ඇතැම් වැඩිහිටියන් ස්වයංක්‍රීයව තහවුරු කෙරෙනු ඇත.
මීට පෙර ඔවුන්ගේ vendor කෙනෙකු අතින් data breach එකක් සිදු වූවද, Discord පවසන්නේ දැන් නව vendor කෙනෙකු සමග කටයුතු කරන බවත්, හැඳුනුම්පත් ඡායාරූප වැනි දත්ත තහවුරු කළ සැනින් මකා දමන බවත්ය.
උපුටා ගැනීම : Techie Instants
