පසු­ගිය වස­රේදී e-BMD පද්ධ­ති­යෙන් 8027කට ඍජු ප්‍රති­ලාභ

Mic
By Mic

උපාලි කරු­ණා­රත්න

විදේශ රට­වල වෙසෙන ශ්‍රී ලාංකි­ක­යන්ට සිය උප්පැන්න, විවාහ සහ මරණ සහ­තික ලබා­ගැ­නී­මට හඳුන්වා දුන් e-BMD පද්ධ­තිය ඔස්සේ 2025 වස­රේදී පුද්ග­ල­යන් 8027 දෙනකු ඍජු ප්‍රති­ලාභ හිමි කර­ගෙන තිබේ.

රජය විසින් ක්‍රියා­වට නංවා ඇති පොදු සේවා ඩිජි­ට­ල්ක­ර­ණය කිරීමේ වැඩ­පි­ළි­වෙළ යටතේ මේ e-BMD පද්ධ­තිය හඳුන්වා දුන් අතර, මේ වන විට තානා­පති කාර්යාල සහ මහ­කො­ම­සා­රිස් කාර්යාල 62ක මෙය සාර්ථ­කව ක්‍රියා­ත්මක වේ.

රාජ්‍ය සේවය ජන­තා­වට වඩාත් සමීප කර­වීමේ රජයේ වැඩ­පි­ළි­වෙ­ළට අනුව ජනා­ධි­පති ලේකම් කාර්යා­ලය සහ ඩිජි­ටල් ආර්ථික කට­යුතු අමා­ත්‍යාං­ශයේ මෙහෙ­ය­වී­මෙන් පසු­ගිය වසරේ (2025) ජන­වාරි මස 06 වැනිදා රට­වල් 07ක නියමු ව්‍යාපෘ­ති­යක් ලෙස e-BMD ව්‍යාපෘ­තිය හඳුන්වා දෙනු ලැබිණි. පසුව එය 2025 පෙබ­ර­වාරි මස 07 වැනිදා සිට විදෙස් තානා­පති කාර්යාල සහ මහ­කො­ම­සා­රිස් කාර්යාල 62ක් දක්වා ව්‍යාප්ත කෙරිණි.

මෙම­ඟින් විදේ­ශ­ගත ශ්‍රී ලාංකි­ක­යන්ට උප්පැන්න, විවාහ සහ මරණ සහ­ති­ක­වල සහ­තික කළ පිට­පත් තම රටට අදාළ තානා­පති කාර්යා­ලය හෝ මහ­කො­ම­සා­රිස් කාර්යා­ල­යෙන් ඍජු­වම ලබා ගත හැකිය. නෛතික පිළි­ගැ­නී­ම­කින් යුතුව මේ සහ­තික පත් නිකුත් කිරීම සිදු වන අතර, මේ සඳහා නැවත ලංකා­වට පැමි­ණීම හෝ දීර්ඝ කාලීන ක්‍රියා­ව­ලි­යක නිර­ත­වීම අවශ්‍ය නොවේ.

උප්පැන්න, විවාහ සහ මරණ සහ­තික නිකුත් කිරීමේ සේවා ඩිජි­ට­ල්ක­ර­ණය කර තානා­පති කාර්යාල සහ මහ­කො­ම­සා­රිස් කාර්යාල ඍජු­වම රෙජි­ස්ට්‍රාර් ජන­රාල් දෙපා­ර්ත­මේ­න්තුව හා සම්බන්ධ කිරී­මෙන් ලේඛ­න­වල විශ්ව­ස­නී­ය­ත්වය සහ ආර­ක්ෂාව තහ­වුරු කර­මින් ලේඛන සැක­සීමේ කාලය විශාල වශ­යෙන් අඩු කර තිබේ. රෙජි­ස්ට්‍රාර් ජන­රාල් දෙපා­ර්ත­මේ­න්තුවේ තොර­තුරු හා සන්නි­වේ­දන තාක්ෂණ අංශ­යෙන් දෙන තත්‍ය කාලීන (Real-time) තාක්ෂ­ණික සහාය හේතු­වෙන් තානා­පති කාර්යාල සහ මහ­කො­ම­සා­රිස් කාර්යා­ල­වල මෙහෙ­යුම් ගැටලු විස­ඳ­මින් බාධා­ව­කින් තොරව මේ සේවාව පව­ත්වා­ගෙන යෑමට මේ වන විට හැකි­යාව ලැබී ඇත.

එක්සත් රාජ­ධා­නිය, ඉතා­ලිය, ඔස්ට්‍රේ­ලි­යාව, කැන­ඩාව, අමෙ­රිකා එක්සත් ජන­ප­දය, ප්‍රංශය, ජර්ම­නිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ජපා­නය, මැලේ­සි­යාව, ඉන්දි­යාව ඇතුළු යුරෝ­පය, මැද­පෙ­ර­දිග සහ ආසි­යානු කලාප රැසක වෙසෙන ශ්‍රී ලාංකි­ක­යන්ට මේ සේවාව ක්‍රියා­ත්මක වේ.

රැකියා, අධ්‍යා­පන සහ ආග­මන විග­මන කට­යුතු සඳහා අවශ්‍ය වන සහ­තික පත්‍ ­ගැ­නී­මේදී විදේ­ශ­ගත ශ්‍රී ලාංකි­ක­යන්ට මේ වැඩ­පි­ළි­වෙළ විශාල සහ­න­යක් වී තිබේ.

උපුටා ගැනීම : දිනමිණ

Share This Article