හදේ ඉඳන් අභ්‍යවකාශයට “කැටපෝලයකින්” විදින එලොන් මස්ක්ගේ අලුත්ම මෙහෙයුම!

Mic
By Mic

රොකට් ඉන්ධන නැතුව යානා අභ්‍යවකාශයට යවන්න පුළුවන්ද? ඔව්, හැබැයි පෘථිවියේ ඉඳන් නෙවෙයි, හඳේ ඉඳන්! 🌔

Elon Musk ගේ අලුත්ම සැලසුම වෙන්නේ හඳ මතුපිට දැවැන්ත Electromagnetic “Mass Driver” එකක් (සරලව කිව්වොත් විද්‍යුත් චුම්බක කැටපෝලයක්) ඉදි කරලා, ඒ හරහා AI චන්ද්‍රිකා සහ භාණ්ඩ ගැඹුරු අභ්‍යවකාශයට මුදා හැරීමයි.

🤔 මොකක්ද මේ Mass Driver එකක් කියන්නේ?

මෙය හරියට රේල් තුවක්කුවක් (Railgun) වගෙයි. දිගු ධාවන පථයක් දිගේ විද්‍යුත් චුම්බක බලය යොදාගෙන ඉතා ඉහළ වේගයකින් යානා වේගවත් කරලා, හඳේ ගුරුත්වාකර්ෂණයෙන් මිදිලා අභ්‍යවකාශයට යන විදිහට “විදලා” හරින එක මෙතනදි සිද්ධ වෙනවා.

💡 මේක ඇත්තටම සාර්ථක වෙයිද? (Physics පිටුපස ඇති සත්‍යය)

• අඩු ගුරුත්වාකර්ෂණය: හඳේ ගුරුත්වාකර්ෂණය පෘථිවිය වගේ 1/6ක් විතරයි. ඒ නිසා යානයක් උඩට යවන්න වැය වෙන්නේ ඉතා අඩු ශක්තියක්.

• වායුගෝලයක් නැතිකම: හඳේ හුලඟ හෝ වායුගෝලීය පීඩනයක් නැති නිසා වේගයෙන් යන යානයට බාධාවක් (Drag) ඇති වෙන්නේ නැහැ.

• පිරිවැය අඩු වීම: පෘථිවියේ ඉඳන් හැමදේම රොකට් වලින් යවනවාට වඩා, හඳේ තියෙන සිලිකන්, ඇලුමිනියම් සහ අයිස් වතුර පාවිච්චි කරලා එහේම නිෂ්පාදනය කරලා මේ විදිහට විදින එක ගොඩක් ලාභදායී වෙනවා.

🕰️ මේක අලුත්ම අදහසක්ද?

නැහැ! මේක මුලින්ම 1974 දී MIT විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාඥ Gerard O’Neill විසින් යෝජනා කළ අදහසක්. මස්ක් කරන්නේ මේ දශක පහක් පැරණි විද්‍යාත්මක සිහිනය සැබෑවක් කරන්න උත්සාහ කරන එකයි.

⚠️ තියෙන අභියෝග මොනවාද?

• හඳේ තියෙන දැඩි උෂ්ණත්ව විචලනයන්ට ඔරොත්තු දීම.

• හඳේ ඇති ඉතා සියුම් සහ තියුණු දූවිලි (Lunar Dust) මගින් යන්ත්‍ර සූත්‍ර වලට වෙන හානිය.

• ඉතා නිවැරදි ඉලක්කයකට (Trajectory) විදීමේ අපහසුව.

අනාගතයේදී රොකට් වලට වඩා මේ වගේ “මහා පරිමාණ කැටපෝල” අභ්‍යවකාශ ගවේෂණයේ පෙරළියක් කරනු ඇති බවට විද්‍යාඥයන් විශ්වාස කරනවා. 🌌

👉 හෙට දවසේ ලෝකය වෙනස් කරන අලුත්ම විද්‍යාත්මක සොයාගැනීම් සහ තාක්ෂණික පෙරළියන් ගැන මුලින්ම දැනගන්න අප හා එක්වන්න.

✅ අලුත්ම තොරතුරු සඳහා Page එක Follow කරන්න

📖 වැඩිදුර කියවීමට (Source):

“Elon Musk Wants to Put a Satellite Catapult on the Moon. It’s Not a New Idea.” – Space com (2026)

උපුටා ගැනීම : Sinha Ruu

Share This Article