Insomniac සමාගමේ Spider Man games වල සාර්ථකත්වයෙන් පසුව බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටි Marvels Wolverine ගේම් එක 2026 සැප්තැම්බර් 15 වනදා PlayStation 5 සඳහා නිකුත් කරන බව ඔවුන්ගේ social media ගිණුම් හරහා නිල වශයෙන් නිවේදනය කර ඇත.
මෙම නිවේදනය තත්පර හයක කෙටි video එකක් මගින් සිදු කර ඇති අතර එහි කිසිදු gameplay තොරතුරක් ඇතුළත් කර නොමැත. මෑතකදී පැවති Sony State of Play showcase එකෙහිදී ද මෙය ප්‍රදර්ශනය නොකළ අතර ඉදිරි මාස කිහිපය තුළ මේ පිළිබඳව වැඩිදුර තොරතුරු බලාපොරොත්තු විය හැක
උපුටා ගැනීම : Techie Instants
