පෙබරවාරි 20 වැනි දින සිදුවූ බිඳවැටීම ගැන Cloudflare සමාගම නිළ වශයෙන් පැහැදිලි කරයි

Mic
By Mic

2026 පෙබරවාරි 20 දින Cloudflare හි BYOIP service භාවිතා කරන පාරිභෝගිකයින්ට පැය 6ක සේවා බිඳවැටීමකට මුහුණ දීමට සිදුවිය. මෙය cyberattack එකක් නොව IP addresses කළමනාකරණය කරන Addressing API හි ඇතිවූ bug එකක් නිසා සිදුවූවකි.

මෙම දෝෂයෙන් පාරිභෝගික BGP prefixes 1100ක් පමණ ජාලයෙන් ඉවත් වූ අතර ඒ හරහා ඔවුන්ගේ websites සහ applications අක්‍රිය විය. එසේම 1.1.1.1 DNS resolver website එක වෙත පිවිසෙන්නන්ටද errors දක්නට ලැබුණි.

Cloudflare engineers විසින් දෝෂය නිවැරදි කර සේවාවන් යථා තත්ත්වයට පත් කරන ලදී. අනාගතයේදී මෙවැනි දෝෂ වළක්වා ගැනීමට API schema standardization සහ ස්වයංක්‍රීය circuit breakers වැනි පියවරයන් හඳුන්වා දීමට ඔවුන් කටයුතු කරයි.

උපුටා ගැනීම : Techie Instants

Share This Article