CeylonCash සහ Kankalu Colombo එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට live music event එකක් සඳහා crypto payments හඳුන්වා දී තිබෙනවා.
මේ හරහා ප්‍රසංගයට සහභාගී වන්නන්ට මුදල් හෝ කාඩ්පත් නොමැතිව CeyPay භාවිතයෙන් ඩිජිටල් ගෙවීම් කළ හැක. මෙහිදී QR-based payments සහ payment links හරහා ක්ෂණිකව ගෙවීම් තහවුරු කෙරේ.
CeylonCash හි Community Lead වන Nisal Chandrasekara පවසන්නේ මෙය ශ්‍රී ලංකාව තුළ crypto payments එදිනෙදා ජීවිතයට හුරු කිරීමේ ප්‍රායෝගික පියවරක් බවයි. මෙමගින් digital assets භාවිතය සැබෑ ලෝකයේ අවශ්‍යතා සඳහා යොදාගැනීම සනිටුහන් කරයි.
මෙම Kankalu Colombo සංගීත ප්‍රසංගය මාර්තු 27 වැනිදා පස්වරු 7 සිට කොළඹ Lotus Tower හිදී පැවැත්වෙන අතර ප්‍රවේශ පත්‍ර kankalu.com වෙබ් අඩවියෙන් ලබාගත හැක.
උපුටා ගැනීම : Techie Instants
