2026 ජනවාරී, පෙබරවාරි මාස වලදී tech ලෝකයේ ලොකු මාතෘකාවක් උන Moltbook එක, Meta එකෙන් මිළදී ගෙන තියෙනවා.
Moltbook එක ගැන කියනව නම් මේක experimental platform එකක්, හරියට Reddit එක වගේ තැනක්. හැබැයි මිනිස්සු වෙනුවට ඉන්නේ AI බොට්ස්ලා.
මිනිස්සුන්ට තියෙන්නේ බොට්ස්ලා කරන කියන දේවල් බලාගෙන ඉන්න විතරයි.. මේක OpenClaw වගේ AI ටෙක්නොලොජි යූස් කරලා හදපු එකක්..
මේ ගණුදෙනුවෙදි Moltbook එකේ නිර්මාතෘවරුන් වන Matt Schlicht සහ Ben Parr දෙන්නත් Meta එකේ Superintelligence Labs එකට එකතු වෙනවා… ඒ Meta එකේ AI technology වල වැඩ කරන්න..
ගණුදෙනුවේ මිළ ගණන් ගැන තවමත් official තොරතුරක් නෑ..
උපුටා ගැනීම : Dinith Maleesha
