Mozilla Firefox සහ Claude Opus 4.6: විනාඩි 20න් බග්ස් හොයපු AI !

Mic
By Mic

ඔන්න Anthropic ලගේ අලුත්ම Claude Opus 4.6 AI Model එකෙන් පට්ට ගේමක් ගහලා තියෙනවා. Mozilla Firefox බ්‍රවුසර් එකේ සති දෙකක internal security test එකක් කරලා, ඒකෙන් bugs 100කට වඩා හොයාගන්න මේ AI එකට පුළුවන් වෙලා. මේකෙන් 14ක්ම ලොකු අවදානමක් තියෙන (High-severity) ඒවාලු! 😱

⚜️ සති දෙකක AI දඩයම (The 14-Day Hunt) ⚜️

හිතාගන්නකො, codebase එක scan කරන්න පටන් අරන් පළවෙනි විනාඩි 20 ඇතුළතම පළවෙනි bug එක හොයාගෙන. සාමාන්‍යයෙන් මාස දෙකකින්වත් හොයාගන්න බැරි තරම් බරපතළ bugs ප්‍රමාණයක් මේ සති දෙකට AI එකෙන් අල්ලලා තියෙනවා කියලා තමයි Mozilla ඉංජිනේරුවෝ කියන්නේ.

වැඩේ කියන්නේ bugs හොයපු එක විතරක් නෙමෙයි:

👉 Exploit Code ලියන්න පුළුවන් වීම: මේ හොයාගත්ත බග්ස් පාවිච්චි කරලා සිස්ටම් එකක් “හැක්” කරන්නේ කොහොමද (Exploit) කියලා ඇහුවම, ඉතාමත් සාර්ථක exploits දෙකක්ම ලියලා දෙන්නත් Claude ට පුළුවන් වෙලා.

👉 ආරක්ෂාව: හැබැයි බය වෙන්න එපා, Firefox එකේ තියෙන real-world protection (Sandbox වැනි තාක්ෂණයන්) නිසා ඇත්තටම මේවා පාවිච්චි කරලා සාමාන්‍ය කෙනෙක්ව හැක් කරන එක ලේසි වෙන්නේ නැහැ.

⚜️ Cybersecurity ශිෂ්‍යයන්ට සහ රැකියා වලට මෙයින් වන බලපෑම ⚜️

ඔයා Cybersecurity හෝ Software Engineering හදාරන ශිෂ්‍යයෙක් නම්, මේ පුවත ඔයාගේ අනාගතය ගැන මෙහෙම කියනවා:

1. සරල රස්සා නැති වීම: නිකම්ම “Vulnerability Scanner” එකක් රන් කරලා රිපෝට් එකක් ලියන රස්සා (Junior Pen-testers) ඉදිරියේදී නැති වෙන්න පුළුවන්. මොකද Claude Opus 4.6 වැනි AI සහායකයෙකුට ඒ වැඩේ ඉතාමත් ලාභදායීව සහ වේගයෙන් කරන්න පුළුවන්.

2. අලුත් භූමිකාව – “AI Security Auditor”: දැන් ලෝකයට අවශ්‍ය වෙන්නේ AI එක විසින් සොයාගන්නා බග්ස් ඇත්ත ඒවාද කියලා තහවුරු කරලා, ඒවා හදන්න (Patch) උපදෙස් දිය හැකි දක්ෂයන්වයි. AI එකට වැරදෙන්න පුළුවන් නිසා, අවසාන තීරණය ගන්න මනුස්සයෙක් අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ.

3. හැකර්වරුන්ගේ වගකීම: දැන් හැකර්ලටත් මේ තාක්ෂණයම පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා අනාගත සයිබර් ආරක්ෂණ විශේෂඥයන්ට සිද්ධ වෙනවා AI එකටත් වඩා වේගයෙන් හිතන්න. ඔයාට තියෙන්නේ AI එක පාවිච්චි කරලා පද්ධති ආරක්ෂා කරන “AI-Powered Defense” ගැන ඉගෙන ගන්නයි.

⚜️ සාරාංශය ⭕️

සයිබර් ආරක්ෂණ විශේෂඥයන් පවසන්නේ, AI නිසා ඉදිරියට bugs හොයාගෙන systems ආරක්‍ෂා කරන එක ලේසි වෙනවා වගේම, හැකර්ලටත් cyberattacks කරන්න මේක මාර විදියට පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා. 2026 දී වැදගත් වෙන්නේ ඔයාට බග් එකක් හොයන්න පුළුවන්ද කියන එක නෙවෙයි, ඒ බග්ස් හොයන AI සහායකයාව මෙහෙයවන්න ඔයාට පුළුවන්ද කියන එකයි!

උපුටා ගැනීම : Gen AI

Share This Article