ඉන්ස්ටග්‍රෑම් (Instagram) සමාජ මාධ්‍ය ජාලයේ ‘එන්ඩ්-ටු-එන්ඩ්’ (End-to-end encryption) පණිවුඩ හුවමාරු පහසුකම ලබන මැයි මස 8 වැනිදා සිට අත්හිටුවීමට තීරණය කර ඇතැයි එම සමාගම පවසනවා.
ඒ අනුව බාහිර පාර්ශවයකට පණිවුඩවලට ඇතුළු විය නොහැකි ලෙස (special key) මගින් ආරක්ෂා කර තිබෙන පණිවුඩ හුවමාරු (chats) තවදුරටත් භාවිතා කිරීමට නොහැකි වනු ඇති බව සඳහන්.
මේ සම්බන්ධයෙන් ඉන්ස්ටග්‍රෑම් හි මව් සමාගම වන මෙටා (Meta) ආයතනය සිය වෙබ් අඩවිය හරහා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
“2026 මැයි 8 වැනිදායින් පසුව ඉන්ස්ටග්‍රෑම් හි එන්ඩ්-ටු-එන්ඩ් පණිවුඩ සේවාව තවදුරටත් ක්‍රියාත්මක නොවේ. මේ නිසා බලපෑමට ලක්වන පණිවුඩ ගිණුම් ඇත්නම්, ඒවායේ ඇති දත්ත බාගත කර ගන්නා ආකාරය පිළිබඳ උපදෙස් එම ගිණුම් තුළම දර්ශනය වනු ඇත,” ලෙස එම නිවේදනයේ සඳහන්.
උපුටා ගැනීම: Hiru News
