ෆෝන් එකක් ගත්තම කාලයක් යද්දී බැටරි බැහීම හැමෝටම තියෙන ප්‍රශ්නයක්. හැබැයි ඔයාගේ පුංචි වැරදි පුරුදු නිසා බැටරි එකේ ආයු කාලය මීට වඩා ඉක්මනින් අඩු වෙන්න පුළුවන්.
මෙන්න බැටරිය Super Safe කරගන්න සරල පියවර කිහිපයක්:
1.
20-80 රීතිය පාවිච්චි කරන්න!
බැටරිය 0% වෙනකම්ම බස්සන්න එපා. ඒ වගේම හැම වෙලේම 100% වෙනකම්ම Charge කරන්නත් එපා. බැටරි එකේ ආයු කාලය වැඩි වෙන්න නම් හොඳම සීමාව 20% ත් 80% ත් අතර පවත්වා ගැනීමයි.
2.
රත්වීම (Overheating) පාලනය කරන්න
ෆෝන් එකකට තියෙන ලොකුම සතුරා තමයි අධික රස්නය.
ෆෝන් එක Charge වෙන ගමන් Game ගහන්න හෝ Call ගන්න එපා.
රත් වෙනවා නම් පාවිච්චි කරන එක මොහොතකට නවත්වන්න.
3.
Original Charger එකම පාවිච්චි කරන්න
පාරේ තියෙන ලාභ චාජර් හෝ වෙනත් ෆෝන් වල චාජර් පාවිච්චි කිරීමෙන් බැටරියට එන Voltage එක වෙනස් වෙලා බැටරිය ඉදිමීමට පවා ඉඩ තියෙනවා. ඒ නිසා හැමවෙලේම ඔරිජිනල් චාජර් එකම පාවිච්චි කරන්න.
4.
අනවශ්‍ය Settings Off කරන්න
අනවශ්‍ය වෙලාවට Bluetooth, GPS (Location) සහ High Brightness දාගෙන ඉන්න එපා. මේවා බැටරිය ඉක්මනින් හිස් කරන ප්‍රධාන හේතු.
Pro Tip: සතියකට එක සැරයක්වත් ඔයාගේ ෆෝන් එක Restart කරන්න. ඒකෙන් බැටරියට වගේම ෆෝන් එකේ වේගයටත් ලොකු සහනයක් ලැබෙනවා.
ඔයාගේ යාළුවන්ටත් දැනගන්න මේ පෝස්ට් එක Share කරන්න! ![]()
උපුටා ගැනීම: Smart Vision
