Coding කරනකොට නැතිව යන Posture එක AI එකෙන් හදාගමු

Mic
By Mic

අද software engineering field එකේ programmers ලට තියෙන ලොකුම “hidden” ප්‍රශ්නයක් තමයි හරියට posture maintain කරගෙන වැඩ නොකරන එක. මුලින් මේක ලොකු දෙයක් වගේ නොපෙනුණත්, දවසට පැය ගණන් computer ඉස්සර code කරනකොට හෝ study කරනකොට අපිට නොදැනිම body එක slowly forward lean වෙන්න පටන් ගන්නවා. මේක දිගටම ගියොත් neck pain, back pain, shoulder stiffness, eye strain වගේ health problems එනවා. ඉතින් productivity එකත් focus එකත් දෙකම අඩුවෙනවා.

මේකට modern solution එකක් තමයි AI-based posture monitoring systems. අද computer vision සහ machine learning technology එක්ක webcam එකක් use කරලා අපේ body posture real-time detect කරන්න පුළුවන්. මේ systems වල main idea එක තමයි human body එකේ key points—උදාහරණ විදිහට head, shoulders, neck, spine alignment—detect කරලා ඒවා correct posture එකත් එක්ක compare කරන එක. එතකොට system එකට තේරෙනවා අපි straight ඉඳගෙනද, නැත්තම් slouch වෙලාද කියලා.ඒකට solution එකක් විදිහට Pose-Nudge කියන open-source project එක GitHub එකේ release කරලා තියෙනවා.

Technical පැත්තෙන් මේ process එක පටන් ගන්නේ webcam video stream එක continuous frames වලට convert කරන එකෙන්. ඒ frames AI model එකකට (උදාහරණයක් ලෙස MediaPipe Pose වගේ pretrained model එකක්) යවලා human body skeleton එකක් වගේ representation එකක් ගන්නවා. ඒ model එකෙන් ලැබෙන x, y coordinates වලින් angles calculate කරනවා. උදාහරණයක් විදිහට head forward angle එක, shoulder alignment, spine curve එක වගේ values ගන්න පුළුවන්.

ඊළඟට එන කොටස තමයි decision logic layer එක. මෙතනදී simple rules set එකක් use කරනවා. උදාහරණයක් ලෙස head එක shoulders වලට වඩා ඉස්සරහට ගිහින් තියෙනවා නම් හෝ spine curve එක threshold එකකට වැඩි නම් system එක ඒක “bad posture” කියලා mark කරනවා. ඒ posture එක තත්පර කිහිපයක් හෝ මිනිත්තු කිහිපයක් දිගටම තිබුණොත් system එක alert trigger කරනවා.

User experience එක පැත්තෙන් මේක හරිම simple එකක්. Background එකේ run වෙන lightweight app එකක් විදිහට webcam එක monitor කරලා subtle notifications දෙනවා—“හරි posture එකට එන්න”, “shoulders relax කරන්න”, “straight ඉඳගන්න” වගේ. සමහර advanced versions වල posture score dashboard එකක්ත් තියෙනවා, එතනින් දවස පුරා ඔයාගේ posture habits track කරන්න පුළුවන්.

-/github.com/DDULDDUCK/pose-nudge

උපුටා ගැනීම : Buwa Thoughts

Share This Article