YouTube එකෙන් ලොකු චාන්ස් එකක්! දැන් සල්ලි නොගෙවා Picture-in-Picture බලන්න පුළුවන්..

Mic
By Mic

ඔයා වෙන ඇප් එකක් පාවිච්චි කරන ගමන් යූටියුබ් වීඩියෝ එකක් අයිනකින් තියාගෙන බලන්න (PiP) දැන් YouTube Premium ඕනේ නෑ! හැමෝටම මේක නොමිලේම දෙන්න තීරණය කරලා තියෙනවා.

• මේක මුළු ලෝකෙටම දෙන “Global Rollout” එකක් නිසා ලංකාවටත් අනිවාර්යයෙන්ම සපෝට් කරනවා.

• මේ නිකන් දෙන PiP එක වැඩ කරන්නේ සාමාන්‍ය දිග (long) වීඩියෝ (Vlogs, Tech Reviews, Tutorials) වලට විතරයි. Music Videos PiP විදිහට බලන්න නම් තාමත් Premium ඕනේමයි.

• ෆෝන් එකේ සහ YouTube App එකේ Settings වලින් PiP On කරලත් තාම වැඩ කරන්නේ නැත්නම් කලබල වෙන්න එපා. මේක ටිකෙන් ටික හැමෝටම දෙන අප්ඩේට් එකක් නිසා ළඟදිම ඔයාගේ අකවුන්ට් එකටත් අනිවාර්යයෙන්ම එයි.

උපුටා ගැනීම : TECH SONA

Share This Article