ඔයා ඔයාගේ Privacy එක ගැන හිතලා Google එකෙන් මිදෙන්න උත්සාහ කරන කෙනෙක් හරි Google එකෙන් user data collect කරගන්න එක ගැන interested/ worry වෙන කෙනෙක් නම් මේ නිව්ස් එක ඔයාට..
මෑතකදි වාර්තා වන අන්දමට Google එකෙන් “පෞද්ගලිකත්වය රැක ගැනීමට උත්සාහ කිරීම” සැකකටයුතු ක්‍රියාවක් (Suspicious behavior) විදිහට සැලකීමට පටන් අරගෙන තියෙනවා..![]()
GrapheneOS, CalyxOS හෝ /e/OS වැනි Google සේවාවන් ඉවත් කළ (DeGoogled) ආරක්ෂිත OS පාවිච්චි කරන අයට දැන් අන්තර්ජාලයේ මිලියන ගාණනක් වෙබ් අඩවි වලට පිවිසීමේ බාධා ඇති වෙමින් තියෙන්නේ.. මේකට ප්‍රධානතම හේතුව තමයි Google එකෙන් අලුතින් හඳුන්වා දුන් Cloud Fraud Defense තාක්ෂණයයි..
අපි වෙබ්සයිට් වලට පිවිසෙද්දි දකින “බස් රථ තෝරන්න” හෝ “පදික මාරු තෝරන්න” වැනි පැරණි reCAPTCHA ක්‍රමය දැන් වෙනස් වෙමින් තියෙන්නේ.. ඒ වෙනුවට දර්ශනය වෙන්නේ QR code එකක්. මේකේ තියෙන ප්‍රශ්නය සහ භයානකම දේ තමයි මේ QR code එක ස්කෑන් කර ඉදිරියට යන්න නම් අපේ ෆෝන් එකේ Google Play Services අනිවාර්යයෙන්ම තියෙන්නෙ ඕනේ.. Desktop/ Laptop වලදි අදාළ QR code එක Google Play Services තියෙන compatible mobile device එකකින් scan කරන්න ඕනේ.. ඔයා පාවිච්චි කරන්නේ deGoogled OS එකක් තියෙන ෆෝන් එකක් නම්, ඔයාට එම QR code එක scan කරන්න බෑ සහ ඒ වෙබ් සයිට් එකට පිවිසෙන්න බෑ.. සරලවම කියනවම deGoogled නම් ඔයාට දෙවි පිහිටයි.. ![]()
මේ දෙයින් අදහස් වෙන්නේ ඔයාට, මට අන්තර්ජාලයේ නිදහසේ පාවිච්චි කරන්න නම් Google එක අපේ දත්ත ලබා දීම අනිවාර්යයි කියන එකයි..
මීට කලිනුත් Google එකෙන් Web Environment Integrity (WEI) කියලා මේ වගේම දෙයක් කරලා බැනුම් අහලා ඒ වැඩේ නවත්තලා තියෙනවා.. දැන් ආයේ reCAPTCHA පිටිපස්සේ හංඟලා ආයේ එන්න හදන්නේ.. මාධ්‍යවේදීන්, ක්‍රියාකාරීන් සහ නීතිඥයින් වැනි ඉහළ අවදානමක් ඇති අය තම ආරක්ෂාව සඳහා පාවිච්චි කරන GrapheneOS වැනි OS පාවිච්චි කිරීම දැන් “වංචනික ක්‍රියාවක්” ලෙස Google පද්ධති විසින් හඳුනා ගනු ලබයි..
මෙමඟින් සිදුවෙන්නේ Google විසින් වෙබ් අඩවි අයිතිකාරයන්ට “Google Play Services නැති අය ඔබේ අඩවියට ගන්න එපා” යන පණිවිඩය වක්‍රව ලබා දීමයි.
මේකේ තියෙන හොඳ පැත්ත තමයි වර්තමානයේ AI තාක්ෂණය දියුණු වීමත් සමඟ, සාමාන්‍ය reCAPTCHA පද්ධති රවටා වෙබ් අඩවි වලට ඇතුළු විය හැකි “AI Bots” බහුල වෙලා තියෙනවා.. එතකොට Cloud Fraud Defense මඟින් එකෙන් ඇත්ත මනුස්සයෙක් සහ AI Agent කෙනෙක් අතර වෙනස ඉතා නිවැරදිව හඳුනාගන්න පුලුවන්. ඒ වගේම බැන්කු සහ Online shopping අඩවි සඳහා මෙය ඉතා වැදගත් වේ. Carding (ක්‍රෙඩිට් කාඩ් වංචා) සහ හොරකම් කරපු ගිණුම් හරහා සිද්ද වෙන ගනුදෙනු (ATO) 51% කින් පමණ අඩු කිරීමට මේ අලුත් සිස්ටම් එකට පුලුවන් වෙලා තියෙනවා.. අපිට පැරණි ක්‍රමයේදී නැවත නැවත පින්තූර තෝරන්න සිද්ද වුණ එක මේ QR code ක්‍රමය නිසා නැති වෙනවා.. ඔයා ලඟ Certified device එකක් තියෙනව නම් ක්ෂණික ඔයාගේ අනන්‍යතාවය තහවුරු කරලා වෙබ් සයිට් එකට පිවිසෙන්න පුලුවන්.. මේකෙදි Biometrics පාවිච්චි කරන නිසා තවත් ආරක්ෂිතයි..
කෙසේ වෙතත්, මෙම තාක්ෂණික දියුණුවත් සමඟම පැන නගින ප්‍රධාන ගැටලුව වන්නේ ආරක්ෂාව වෙනුවෙන් අපේ Privacy එක කැප කිරීමට සිදු වීමයි. Google පවසන මෙම ‘ආරක්ෂාව’ සහ පරිශීලකයින් ඉල්ලන ‘පුද්ගලිකත්වය’ අතර සමබරතාවයක් පවත්වා ගැනීම ඉදිරි අනාගතයේදී තාක්ෂණික ලෝකයට විශාල අභියෝගයක් වනු ඇත.
ඔයත් ඔයාගේ දත්ත සහ පුද්ගලිකත්වය ගැන සැලකිලිමත් වන කෙනෙක් නම්, තාක්ෂණික ලෝකයේ සිදුවන මෙවැනි සූක්ෂ්ම වෙනස්කම් පිළිබඳව නිතර අවධානයෙන් සිටීම ඉතා වැදගත්..
International Cyber Digest @IntCyberDigest සහ තවත් sources කිහිපයක් ඇසුරෙන් ලියූ සටහනකි
උපුටා ගැනීම : Dinith Maleesha
