Samsung Dex දැන් ඕනෑම Android Phone එකකට?

Mic
By Mic

Samsung Dex ගැන අහලා තියෙනවද? Phone එක monitor එකකට connect කරලා desktop computer එකක් වගේ use කරන්න පුළුවන් feature එකක්. කලින් මේ වගේ desktop mode features තිබුණේ Samsung වගේ premium phones වලට විතරයි. හැබැයි දැන් “DroidDesk” කියන open-source project එක නිසා ඕනෑම Android phone එකක් full Linux desktop computer එකක් වගේ use කරන්න පුළුවන් වෙලා තියෙනවා.

DroidDesk කියන්නේ Android phone එකක් Debian, Ubuntu, Arch, Kali හෝ Fedora Linux workstation එකක් බවට පත් කරන smart system එකක්. Root කරන්න ඕනෙ නෑ. Custom ROM flash කරන්නත් ඕනෙ නෑ. Normal app එකක් install කරනවා වගේ install කරලා, USB-C හරහා monitor එකකට connect කළ ගමන් full desktop mode එක start වෙනවා.

මේකේ special දේ තමයි phone එකේ තියෙන hardware power එක full use කිරීම. අද phones වල 8-core processors, 12GB RAM වගේ specs තියෙනවා. ඒ power එකෙන් VS Code, Firefox, Python, Docker සහ Linux apps run කරන්න පුළුවන්. Bluetooth keyboard සහ mouse connect කළ ගමන් normal PC එකක් වගේ වැඩ කරන්නත් හැකියාව ලැබෙනවා.

Developersලාට coding workstation එකක් විදියට use කරන්න පුළුවන්. Studentsලාට lightweight portable Linux PC එකක් වගේ use කරන්න පුළුවන්. Travel කරන අයට laptop එක carry නොකර phone එකෙන්ම desktop experience එකක් ගන්නත් පුළුවන්. Pocket එකේ තියෙන phone එකම full computer එකක් වගේ use කරන future computing concept එකක් මේ project එකෙන් පේන්න තියෙනවා.

Open-source සහ MIT License යටතේ release කරලා තියෙන නිසා developersලාට system එක customize කරන්නත් පුළුවන්. DroidDesk වගේ projects නිසා future එකේ phone එක සහ laptop එක අතර වෙනස අඩු වෙමින් යන බව tech community එකේ බොහෝ දෙනා විශ්වාස කරනවා.

උපුටා ගැනීම : Buwa Thoughts

Share This Article