මොකද්ද මේ End-to-End Encryption (E2EE) කියන්නේ?

Mic
By Mic

මෑතකදී Instagram වෙතින් End-to-End Encryption (E2EE) ඉවත් කිරීමට Meta සමාගම ගත් තීරණයත් සමඟ මේ දිනවල තාක්ෂණික ලෝකයේ වගේම සාමාන්‍ය පරිශීලකයන් අතරත් E2EE ගැන ලොකු කතාබහක් ඇති වෙලා තිබෙනවා. WhatsApp, Signal වගේ App වල අපේ Security එකට තියෙන ලොකුම ආයුධය වෙන මේ End-to-End Encryption කියන්නේ.

සරලවම කිව්වොත්, ඔබ සහ ඔබ පණිවිඩයක් යවන අනෙක් පුද්ගලයා හැරුණුකොට, මැද ඉන්න Messaging Service එක සපයන සමාගමට හෝ වෙනත් කිසිම Hacker කෙනෙකුට ඔබලා හුවමාරු කරගන්නා පණිවිඩ කියවන්න බැරි වෙන්න දත්ත ආරක්ෂා කරන ක්‍රමවේදයට තමයි E2EE කියන්නේ.

අපි හිතනවාට වඩා මේ ක්‍රියාවලිය ඉතාමත් සංකීර්ණ සහ රසවත් ගණිතමය පදනමක් මත තමයි සිද්ධ වෙන්නේ. සාමාන්‍ය ක්‍රමවේදයකදී අපේ පණිවිඩ මැද තියෙන Server එක හරහා යද්දී ඒ Server එකට පුළුවන් අපේ Messages කියවන්න. හැබැයි මේ End-to-End Encryption ක්‍රමයේදී, පණිවිඩය Encrypt වෙන්නේ ඔබේ දුරකථනය ඇතුළේදීමයි. එය නැවත කියවිය හැකි සාමාන්‍ය පණිවිඩයක් බවට පත් වෙන්නේ (Decrypt වෙන්නේ) පණිවිඩය ලබන පුද්ගලයාගේ දුරකථනයෙන් විතරයි. මේ සඳහා පසුබිමින් ක්‍රියාත්මක වන ‘Diffie-Hellman Key Exchange’ වැනි අතිශය ආරක්ෂිත ක්‍රමවේදයන් ගැන ඔබ දැනුවත්ද?

ඔබේ පෞද්ගලිකත්වය (Privacy) සහ දත්ත ආරක්ෂාව වෙනුවෙන් මේ තාක්ෂණය ක්‍රියා කරන්නේ කොහොමද? මේ සංකීර්ණ තාක්ෂණය ඉතාමත් සරලව පැහැදිලි කරපු සම්පූර්ණ ලිපිය මගේ Blog එකේ පළ කරලා තියෙන්නේ. මේ ගැන මුල සිට අගටම විස්තරාත්මකව කියවන්න, පළමු Comment එකේ තියෙන Link එකට පිවිසෙන්න.

උපුටා ගැනීම: Suriya Arachchige Sameera Madushan Perera

Share This Article