1. Live Job Discovery
ChatGPT දැන් අපේ skills, Experience, Position සහ අපේක්ෂිත වැටුප ගැන තොරතුරු ලබාදුන්නහම real-time රැකියා අවස්ථා සොයාගෙන suggest කරනවා. LinkedIn, indeed, Glassdoor සහ සමාගම්වල career pages වලින් data ලබාගෙන අපිට ගැලපෙන jobs prioritize කරනවා.
ඊට අමතරව skills gap analysis කරලා, ඔබට අඩුපාඩු තියෙන ක්ෂේත්‍ර හඳුන්වා දෙනවා සහ ඒවා වැඩිදියුණු කරගන්න උපදෙස් දෙනවා.
2. Intelligent Resume Tailoring
මේක තමයි හොඳම එක. අපේ master resume එකක් upload කරලා job description එකක් paste කළාම ChatGPT ඒ resume එක ATS-friendly (Applicant Tracking Systems) විදිහට නැවත හදලා දෙනවා.
එහිදී කරන්නේ:
Relevant keywords ස්වයංක්‍රීයව optimize කිරීම
Bullet points achievement-oriented සහ metrics සහිතව නැවත ලිවීම
Irrelevant sections remove හෝ reorder කිරීම
Professional summary සහ Cover Letter එකක් generate කිරීම
මීට අමතරව Cover Letter ලිවීම, Mock interviews සහ ප්‍රශ්න පුහුණුවීම, LinkedIn profile එක වැඩිදියුණු කිරීම වගේ ඒවත් දැන් වැඩිදියුණු කරල තියෙනවා.
මේක හැබැයි තවම plus & pro අයට විතරයි තියෙන්නේ. Free එකට මේක තව නෑ. plus & pro අයටත් මේක එන්න තව සතියක් වගේ යයි කියල තියෙනවා.
මේකෙදි Custom GPT එකක් හදාගත්තම් වැඩේ තවත් ලේසි වෙනවා. එතකොට සැරින් සැරේ CV upload කරන්න අවශ්‍ය නෑ. මුලින් දුන්න එක මතක තියාගෙන ඉන්න නිසා.
උපුටා ගැනීම : Lakshan Weerasingha
