ඊයේ Google සමාගමේ Andriod Feature Drop එකෙන් එළියට ආපු Feature එකක් තමයි Google Fake Call Detection කියන්නේ.
මේක හදල තියෙන්නේ විශේෂයෙන්ම AI Deepfake Voice Scam වලින් බේරෙන්න.
මේක වැඩ කරන්නේ මේ විදිහට,
step 01
අපේ contact කෙනෙක් (උදා: මව, සහෝදරයා) call කරනකොට, Phone by Google app එකෙන් encrypted RCS signal එකක් භාවිතා කරලා real-time එකේ verify කරනවා.
Step 02
Scammer කෙනෙක් contactගේ number spoof කරලා call කළොත්, ඒ confirmation signal එක නැතිවෙනවා.
Step 03
එතකොට අපේ phone එක automatically contactගේ real device එකට double-check කරලා warning දෙනවා (උදා: “This may not be Mom”).
(Post එකේ තියෙන රුපයේ වගේ)
මේක සම්පූර්ණයෙන්ම on device වැඩ කරන නිසා privacy ආරක්ෂිතයි.
Truecaller වලට වඩා මේක වෙනස්. Scammer කෙනෙකුට අපේ නම්බර් එකක් හොරෙන් අරගෙන අපි විදිහට කතා කරන්න බෑ. Truecaller වලින් වෙන දේ සහ මේක පටලගන්න එපා.
මේක මේ වෙද්දි Pixel Users ලට Rollout වෙනවා. ඉදිරියේදි අනිත් අයටත් ලබාදෙනවා කියනවා. හැබැයි Android 12+ අයට විතරයි මේක ලැබෙන්නේ
මෙතන ලංකාවේ අපිට ලොකු ප්රශ්නයක් එනවා. මොකද මම දන්න විදිහට ලංකාවේ හැම ISP කෙනෙක්ම RCS Block කරල තියෙන්නේ. මේ නිසා මේකෙදි වෙන Verify එක ලංකාවේ අයට වැඩ කරන එකක් නෑ. මට ඒ ගැන ලොකු අයිඩියා එකක් නෑ. නමුත් මේ Google සමාගම කියන විදිහට නම් මේක වැඩ කරන්න RCS Enable වෙන්න ඕනි.
දන්න විදිහට Dialog, Mobitel එහෙම RCS නොදී ඉන්නේ ඒකෙන් එයාලට SMS charges අඩු වෙන නිසා. නමුත් RCS Enable නෑ කියන්නේ මේ වගේ Features වැඩ කරන්නේ නෑ. ඒ කියන්නේ Deepfake AI Scams වැඩි වෙන්න හේතුවක් වෙනවා.
Scams වැඩි කියන්නේ සල්ලි නැති කරගන්න අයත් වැඩි
මේව අපිට කෑගහල බල කරල තමයි ගන්න වෙන්නේ
මොකද මේක හූරන් කන රටක්නේ
උපුටා ගැනීම: Lakshan Weerasingha
