මොකුත්ම ඔබන්නේ නැතුව උඹේ Android ෆෝන් එක හැක් වෙන අලුත්ම ගේම!… (Android 14, 15, 16 තියෙන උන් අනිවා කියවපන්)

Mic
By Mic

මේ දවස්වල අලුත්ම Android ෆෝන් පාවිච්චි කරන අපේ උන්ට සිරාවටම කෙළවෙන්න යන අලුත්ම Cyber Security සීන් එකක් ඊයේ (ජූනි 😎 Google ලාම එළියට දැම්මා.

මේක නිකන් අර ලින්ක් එකක් ඔබලා හැක් වෙනවා වගේ සීන් එකෙක් නෙමේ. උඹ ෆෝන් එක අතේවත් තියාගෙන හිටියේ නැතත් ඔටෝම හැක් වෙන “Zero-Click” පට්ටම භයානක Spyware එකක්. මේකේ ඇතුළේ යන ගේම මොකක්ද කියලා මම සරලවම කියන්නම්.

1. මොකක්ද බං මේ ලෙඩේ? 🐛

මේකට උන් කියන්නේ CVE-2025-48595 කියලා. මේ අවුල තියෙන්නේ Android 14, 15, 16 තියෙන ෆෝන් වල විතරයි. සරලවම කිව්වොත් ෆෝන් එකේ ඩේටා මැනේජ් කරන කෑල්ලට (SQLite) හැකර් පට්ට ලොකු ෆයිල් සයිස් එකක් යවනවා. ෆෝන් එකේ ප්‍රොසෙසර් එකට මේක දරාගන්න බැරුව අර සයිස් එක ‘0’ යි කියලා හිතලා ඒකට පොඩි ඉඩක් වෙන් කරනවා. හැබැයි හැකර් අර ලොකු ෆයිල් එක ඒ පොඩි ඉඩේ ඔබද්දී ඉඩ මදි වෙලා ඒක අල්ලපු සිකියුරිටි කෑලි වලටත් පනිනවා. අන්න එතනින් තමයි උන් ෆෝන් එකේ කන්ට්‍රෝල් එක සම්පූර්ණයෙන්ම අතට ගන්නේ.

2. කිසිම මඟුලක් ඔබන්නේ නැතුව හැක් වෙන්නේ කොහොමද? 👻

අන්න ඒකනේ බං බයම හිතෙන සීන් එක. මේකට අමුතුවෙන් ඇප්ස් දාන්නවත්, SMS වල එන ලින්ක් ඔබන්නවත් ඕනේ නෑ. හැකර් මොකක් හරි පොඩි ප්‍රොසෙස් එකක් හරහා යටින් රිංගලා, Background එකේ දුවන System Service එකකට වයිරස් එක යවනවා. මේක යන්නේ සම්පූර්ණයෙන්ම යටින් නිසා, ෆෝන් එකේ කිසිම Notification එකක් එන්නෙත් නෑ, ෆෝන් එක හිරවෙන්නෙත් නෑ. උඹ දන්නෙම නැතුව ගේම ගිහින් ඉවරයි.

3. හැක් වුණාම ෆෝන් එකට බඩුමද? 👁️‍🗨️

ඔව් මචං. මේක දැන් ඔත්තු බලන ලොකු කම්පැනි වලින් සිරාවටම පාවිච්චි කරනවා. හැක් වුණාට පස්සේ 👇

උඹේ Chat ඔක්කොම එළියේ : WhatsApp, Signal, Telegram වගේ ඇප්ස් වල එන්ක්‍රිප්ට් කරලා තියෙන මැසේජ් පවා, මේ හැකර් කෙළින්ම ඩේටාබේස් එකට පැනලා කියවනවා.

හොරෙන් කැමරාවයි මයික් එකයි ඔන් කරනවා : ෆෝන් එකේ කැමරාව ඔන් වෙද්දි උඩින් කොළ පාට තිතක් පත්තු වෙනවානේ. හැබැයි මේකෙන් ඒ කොළ පාට තිත පත්තු වෙන්නෙවත් නැතුව යටින්ම උඹව රෙකෝඩ් කරනවා.

පාස්වර්ඩ් ඉස්සීම : උඹේ සේව් කරලා තියෙන Passwords, ලොග්ඉන් විස්තර ඔක්කොම කෙළින්ම උස්සනවා.

4. මේ විනාසෙන් බේරෙන්නේ කොහොමද බං? 🛡️

දැන්ම Update කරපන් : Google ලා ජූනි 1 වෙනිදා මේකට Security Patch එකක් දුන්නා. ඒකෙන් අර ගණන් හදන අවුල සම්පූර්ණයෙන්ම බ්ලොක් කරලා තියෙන්නේ.

පිටින් ඇප්ස් දාන්න එපා : Samsung, Xiaomi වගේ පාවිච්චි කරන කොල්ලොන්ට මේ Update එක එන්න ටිකක් කල් යනවානේ. අන්න ඒක එනකන් කිසිම හේතුවක් මත Play Store එකෙන් පිට කිසිම මොඩිෆයි කරපු ඇප් එකක්වත්, ක්‍රැක් කරපු ගේම් එකක්වත් ෆෝන් එකට දාන්න එපා.

මචං, පෞද්ගලික ෆොටෝස්, මැසේජ් ලීක් වුණාට පස්සේ දුක් වෙලා වැඩක් නෑ. දැන්ම Settings ගිහින් අලුත් Update එක ඇවිත්ද බලපන්.

මේ සිරාම ටෙක් සීන් එක නොදන්න අපේ උන්ට දැනගන්න අනිවාර්යයෙන්ම පෝස්ට් එක ශෙයාර් පාරක් දාලා සපෝට් එකක් දීපන්! ….👇

උපුටා ගැනීම : TECH SONA

Share This Article