Gemini 3.5 Live Translate Audio model

Mic
By Mic

භාෂාමය බාධාවන් ඉවත් කරමින් මිනිසුන් අතර සන්නිවේදනය වඩාත් ශක්තිමත් කිරීමට වසර 20කට අධික කාලයක් කැපවූ Google සමාගම, ඔවුන්ගේ නවතම තාක්ෂණික පියවර තබමින් Gemini 3.5 Live Translate Audio model එක ලොවට හඳුන්වා දී තිබෙනවා. මෙමඟින් භාෂා 70කට අධික ප්‍රමාණයක් සඳහා සජීවී, Speech-to-speech පරිවර්තනය කිරීමේ සුවිශේෂී හැකියාව හිමි වෙනවා..

මෙහි ඇති සුවිශේෂී අංග වන්නේ ඔබ කතා කරන අතරතුරේදීම කිසිදු ප්‍රකාශන ප්‍රමාදයකින් හෝ නැවතීමකින් තොරව සුමටව සහ වඩාත් ස්වාභාවික හඬකින් (Natural-sounding speech) පරිවර්තනය වීම සිදුවේ..

Android සහ iOS පරිශීලකයන් සඳහා මෙම විශේෂාංගය ගෝලීයව නිකුත් කර ඇති අතර, Google Translate ඇප් එක තුළ ඇති “Live translate” ක්ලික් කර, Headphones සම්බන්ධ කිරීමෙන් භාෂා 70+ අතර මෙම අපූරු අත්දැකීම විඳගත හැකියි.

Android පරිශීලකයන් හට හෙඩ්ෆෝන් නොමැතිව වුවද සාමාන්‍ය දුරකථන ඇමතුමක් ගන්නා ආකාරයට දුරකථනය කනට තබාගෙන, පරිවර්තනය වන හඬ සෘජුවම ශ්‍රවණය කිරීමේ නවතම පහසුකමද මෙයට ඇතුළත් වේ..

ඉදිරියේදී Google Meet හරහා සජීවී කථන පරිවර්තන සඳහා මෙය යොදාගැනීමට නියමිත අතර, තෝරාගත් Google Workspace පාරිභෝගිකයන් සඳහා මේ මාසයේ සිට Private Preview එකක් ලෙසත්, වසර අගදී සැමටත් විවෘත වේ.

Developersලට Gemini Live API සහ Google AI Studio හරහා මෙහි Public Preview එක භාවිත කරමින් බහුභාෂා ඇමතුම්, මීටින්ස්, පාඩම් සහ Broadcasts සඳහා රියල්-ටයිම් වොයිස් ට්‍රාන්ස්ලේෂන් අත්දැකීම් නිර්මාණය කළ හැකියි..

උපුටා ගැනීම : Dinith Maleesha

Share This Article