Apple සමාගම විසින් සම්පූර්ණයෙන්ම අලුත් කරන ලද Siri AI තාක්ෂණය සහ ඒ වෙනුවෙන්ම වෙන්වූ විශේෂිත Siri App එකක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා… මෙමඟින් පරිශීලකයන්ට තමන්ගේ කැමැත්ත පරිදි Siriගේ කටහඬ, කතා කරන වේගය සහ හැඟීම් ප්‍රකාශ කරන ආකාරය වෙනස් කරගනිමින් තමන්ටම අනන්‍ය වූ හඬක් නිර්මාණය කරගැනීමේ හැකියාව උදාවනවා..
මීට අමතරව තිරය සහ දෘශ්‍ය තේරුම් ගැනීමේ සුපිරි බලයකින් (Screen & Visual Understanding) මෙම නව Siri පද්ධතිය සමන්විතයි. ඒ අනුව ඔබ ඔබේ පරිගණක හෝ දුරකථන තිරයේ බලමින් සිටින ඡායාරූපයක් හෝ සමාජ මාධ්‍ය පෝස්ට් එකක ඇති විස්තර ස්වයංක්‍රීයව හඳුනාගෙන, ඒ ඇසුරෙන් ඔබට අවශ්‍ය උදව් ලබා දීමට Siriට දැන් හැකියාව තිබෙනවා. වඩාත්ම සුවිශේෂී පුවත වන්නේ මෙම නව Siri App එක iPhone, iPad, Mac පමණක් නොව Apple හි සුපිරි VisionOS (Apple Vision Pro) සඳහා ද සහය දැක්වීමයි
උපුටා ගැනීම : Dinith Maleesha
