ඇමරිකානු රජය විසින් ජාතික ආරක්ෂාව මුල්කර ගනිමින් නිකුත් කරන ලද අපනයන පාලන නියෝගයක් හේතුවෙන්, Anthropic සමාගමේ Fable 5 සහ Mythos 5 Models සඳහා පවතින ප්‍රවේශය සියලුම පරිශීලකයන් වෙනුවෙන් වහාම අත්හිටුවීමට එම සමාගමට සිදුව තිබෙනවා. මෙම තීරණය ඇමරිකාව ඇතුළත සහ ඉන් පිටත සිටින විදේශීය ජාතිකයින්ට මෙන්ම Anthropic සමාගමේ සේවය කරන විදේශීය සේවකයන්ටද එකලෙස බලපාන නමුත්, Claude හි අනෙකුත් මාදිලි සඳහා මින් කිසිදු බාධාවක් සිදුවන්නේ නැහැ.
ඇමරිකානු රජයේ මේ ගැන නිශ්චිත තාක්ෂණික කරුණු අනාවරණය කර නොමැති අතර, Fable 5 හි ආරක්ෂක පද්ධතිය මඟහැර යා හැකි (Jailbreak) ක්‍රමවේදයක් පිළිබඳව රජය දැනුවත් වීම මීට හේතුව බව විශ්වාස කෙරේ. කෙසේ වෙතත්, Anthropic සමාගම පවසන්නේ මෙමඟින් පෙන්වා දී ඇත්තේ ඉතා සුළු ආරක්ෂක දුර්වලතාවයක් (Narrow jailbreak) පමණක් බවත්, එය OpenAI හි GPT-5.5 වැනි දැනට වෙළඳපොළේ පවතින වෙනත් පොදු AI මාදිලිවලින්ද පහසුවෙන් කළ හැකි සාමාන්‍ය දෙයක් බවයි.
Perfect jailbreak resistance එකක් කිසිදු AI මාදිලියකට එකවර ලබා දිය නොහැකි බවත්, රජයේ මෙම හදිසි තීරණය නිසා frontier AI ක්ෂේත්රයේ නව මාදිලි එළිදැක්වීම් මුළුමනින්ම අඩාල විය හැකි බවත් පවසන Anthropic සමාගම, රජයේ මෙම ස්ථාවරය සමඟ තමන් එකඟ නොවන බව ප්‍රකාශ කර සිටිනවා. ඔවුන් මෙය සන්නිවේදන ගැටලුවක් (Misunderstanding) ලෙස දකින අතර, පාරිභෝගිකයන්ට සිදුවූ අපහසුතාවයට සමාවයදිමින්, ඉතා ඉක්මනින් මෙම මාදිලි සඳහා පවතින ප්‍රවේශය නැවත ලබාදීමට රජය සමඟ කටයුතු කරමින් සිටී.
උපුටා ගැනීම : Dinith Maleesha
