ඔව්! හැබැයි Meta සමාගම කිව්වට, මේක Meta එකට නෙමේ… ඔයාලා රෑ එලි වෙනකම් පෙම් සුව විඳින WhatsApp එකට තමයි අලුත් leader කෙනෙක් Mark අයියා ගෙනත් තියෙන්නේ..!
ඔයාලා දන්නවා ඇති මේ වෙනක්කොට වසර 5 ත් වඩා වැඩි කාලයක් WhatsApp එකේ හිටිය boss වෙන Will Cathcart තනතුරෙන් ඉල්ලා අස්වෙනවා කියලා එයාගේ නිල X ගිණුමෙන් කියලා තියෙනවා.. !
WhatsApp එකේ ලොක්කටත් ප්‍රශ්න ඇති බං… අපේ උන්ගේ ප්‍රශ්න එක්ක එව්වා හුන්ඩු නේ… ![]()
ඇත්තටම මේ කව්ද අලුත් කෙනා..? ලොක්කෙක් ද? ඔව් ඉතින් ලොක්කෙක් වෙන්නේ නැතුව ඉතින් Tik-tok නිළියක් ගන්නද බං මේවගේ Position එකකට… ![]()
සාමන්‍ය IT industry එක ගත්තම එක හුරගෙනම service එක දෙන්නේ මොන රටේද? freelance side එක ගත්තම..?
වැඩ්ඩෝ මචං උන් නම්…!
මේ අලුත් කෙනා කොහෙවත් කෙනෙක් නෙමේ…! අපේ අසල් වාසි රටේ ඩයල් එකක්.. පොර තමයි Kunal Shah..!
Kunal Shah ගැන වැඩිය කියන්න ඕනේ නැ..
, පොඩ්ඩක් හොයලා බලපල්ලා net එකේ..!
කෙටියෙන් කිව්වොත් උබලා දන්නවා ඇති Fintech ගැන… දන්නවා ඇති කියලා හිතනවා.. මේව්වා වත් අඩුම දන්නේ නැත්තම් තාමත් කල්පනා කරන්නෙපා හරියට ජොබ් එකක් නැති එක ගැන… ![]()
මෙන්න මේ Meta සමාගම, ඉන්දියාවේ ප්‍රමුඛ Fintech Unicorn එකක් වෙන CRED සමාගමේ $900 Mn (රුපියල් කෝටි 8550 ක) දැවැන්ත ආයෝජනයක් සිදු කරලා තියෙනවා..!
මෙන්න මේකේ co-Founder තමයි Kunal Shah කියන්නේ… මේ බුවා තමයි WhatsApp අලුත්ම Global CEO විදිහට වගකීම් භාර ගන්න යන්නේ…![]()
මේක ඇත්තටම කිව්වොත් සාමාන්‍ය Investment එකක් විතරක් නෙවෙයි..! මේකෙන් වෙන්නේ දඹුල්ලේ ගිහින් එන ගමන් තලගොයිත් මරාගෙන එනවා වගේ වැඩක්…!
Meta සමාගම 2020 වර්ෂයේදී Jio Platforms සමාගමේ $5.7 Billion ක ආයෝජනයක් කරලත් මේ වගේම Payments System එකක් හදන්න උත්සාහ කරලා තියෙනවා..!
මේකේ ඇත්තටම අරමුණ මොකක් වෙන්න පුලුවන්ද..?
මෙයාලා කියන විදියට, WhatsApp කියන්නේ බිලියන 3 කට වඩා Users ලා ඉන්න ලොව විශාලතම Messaging App එක වුණත් තවමත් ඒකෙන් උපරිම Monetization හෝ ආදායම් උපයන්න Meta සමාගමට හැකි වෙලා නැහැ…!
දැන් ඔය අලුතෙන් සල්ලි දීලා ගන්න WhatsApp Premium (Business) වර්ෂන් එකක් ඇවිත් තිබුණට, එච්චර ඕනේ නෑනේ අපිට නිකන් දෙන එක හොඳටම ඇති..!
මෙතනදී Kunal Shah කියන්නේ Premium Consumer Networks සහ FinTech ක්ෂේත්‍රය ගැන පුළුල් අත්දැකීම් තියෙන සුපිරි Entrepreneur කෙනෙක්…!
CRED හරහා ඉන්දියාවේ ඉහළම ධනවත් පාරිභෝගිකයන් මිලියන 15 කට වඩා එකතු කරගන්න බුවාට හැකි වෙලා තියෙනවා…![]()
WhatsApp App එක ඇතුළේ Business Messaging, UPI Payments, Subscriptions සහ AI Powered Commerce එකතු කරලා විශාල Revenue එකක් හදන්න තමයි Meta සමාගමේ ප්‍රධානම Target එක…!
මේ කරන්න යන වැඩේ හරියට චීනයේ තියෙන Tencent සමාගමේ WeChat Super App එක වගේ Model එකක්…!
WeChat එක ඇතුළේ Chat කරන්න, බිල් ගෙවන්න, කෑම Order කරන්න වගේ හැම දේම කරන්න පුළුවන්…!
එකෙන් මේකෙන් කියන්නේ WhatsApp එකත් කොටුව වගේ හැමදේම එකම තැනකින් කරන්න වගේ හදන්නේ මුන්..![]()
කෙනෙක්ට හිතෙන්නෙ නැද්ද ” අපෝ! ඉන්දියන් බුවෙක් නම් මෙකත් ඉවරයි, අපේ Data වලටත් shot එක හම්බෙයි කියලා! “
නෑ.!
Mark අයියා කියන විදියට Meta සමාගමට CRED සමාගමේ Customer Financial Data ගන්නවත්, WhatsApp වල පුද්ගලික Data ගන්නවත් කිසිදු අවසරයක් ලැබෙන්නේ නැහැ…!
ඒ වගේම WhatsApp වල තියෙන E2E Encryption එහෙම්මම ආරක්ෂිතව තියෙනවා…![]()
සරලව කිව්වොත් ඉස්සරහට WhatsApp එක තුළ ගොඩක් fintech solutions improve වෙන සීන් එකක් තියෙන්නේ..
Safe Online ![]()
උපුටා ගැනීම : Dilsara Sandun
