මතකද කලින් සැරයක් OpenAI ලා ChatGPT එක WhatsApp වලට දීලා සටස් ගාලා ඒක නැවැත්තුවා? ඔන්න දැන් ඒක ආයෙත් Official ම කරළියට ඇවිත් තියෙන්නේ!

Mic
By Mic

OpenAI ලා නිල වශයෙන්ම announce කරලා තියෙනවා ChatGPT is back on WhatsApp කියලා. හැබැයි මේ පාර WhatsApp විතරක් නෙවෙයි, තවත් ප්‍රසිද්ධ messaging apps කීපයකටම මේ feature එක දීලා තියෙනවා. Let’s look into the details!

🌍 කොහෙටද මේක මුලින්ම ලැබෙන්නේ?

මේ පාර OpenAI ලා target කරලා තියෙන්නේ මිනිස්සු දිනපතාම active වෙලා ඉන්න messaging ecosystems වලට AI එකතු කරන්නයි:

🇪🇺 WhatsApp in the EEA: දැනට මේ නිල WhatsApp සේවාව ලබා දීලා තියෙන්නේ EEA (European Economic Area) කලාපයටයි.

🇰🇷 Kakao in South Korea: දකුණු කොරියාවේ අතිශය ජනප්‍රිය Kakao app එකටත් දැන් ChatGPT integration එක ලැබිලා තියෙනවා.

💜 Viber in Supported Markets: ලංකාවේ අපිටත් ගොඩක් හුරුපුරුදු Viber app එකටත් තෝරාගත් රටවල් කිහිපයකට මේ සේවාව ලබා දීලා තියෙනවා.

🛠️ මේකෙන් මොනවාද කරන්න පුළුවන්? (Features)

නිකම්ම text chat එකක් විතරක් නෙවෙයි, මේ පාර full package එකක්ම WhatsApp chat එක ඇතුළටම ඔබලා තියෙන්නේ:

💬 Ask Questions: සාමාන්‍ය විදිහට ඕනෑම ප්‍රශ්නයක් chat එකෙන් අහන්න පුළුවන්.

📸 Upload Images: පින්තූර upload කරලා ඒවයේ තියෙන දේවල් analyze කරගන්න පුළුවන් (Vision capabilities).

🎙️ Send Voice Notes: Type කරන්න කම්මැලි නම් voice note එකක් දාලා උත්තර ගන්නත් පුළුවන්.

🎨 Create Images: Chat එක ඇතුළෙන්ම රූප නිර්මාණය (Image generation) කරගන්නත් පුළුවන්.

🌐 Multi-language Support: භාෂා ගණනාවකින්ම එකවර වැඩ කරන්න පුළුවන්.

📲 Join වෙන්නේ කොහොමද?

මේක ක්‍රියාත්මක වෙන්නේ OpenAI ලගේ verified business contact එකක් විදිහටයි. ඒකට 1-800-CHATGPT කියන verified contact එක පාවිච්චි කරන්න පුළුවන්. කෙලින්ම chat එකට යන්න පුළුවන් link එක තමයි wa. me/+18002428478.

OpenAI ලා තමන්ගේ AI capabilities මිනිස්සු දිනපතා පාවිච්චි කරන apps වලටම ගේන්න ලොකු උත්සාහයක් ගන්නවා. ඒකේ පියවරක් විදිහට තමයි EEA කලාපයට WhatsApp හරහාත්, අනෙක් රටවලට Kakao සහ Viber හරහාත් ChatGPT නිල වශයෙන්ම නැවතත් ලැබිලා තියෙන්නේ. ලංකාව ඇතුළු අනෙකුත් කලාපවලටත් මේක ඉක්මනටම official rolling out වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්!

ලංකාවේ අපේ WhatsApp වලටත් මේක official ආවොත් ඔයාලා වැඩිපුරම මේක පාවිච්චි කරන්නේ මොන වගේ වැඩකටද? පහළින් comment එකක් දාගෙන යන්න! 👇

උපුටා ගැනීම Sashen Kumara

Share This Article