සමාගම විසින් මෑතකදී එළිදක්වන ලද Claude Opus 5 මොඩල් එක ගැන සුවිශේෂී සහ අනතුරුදායක සිදුවීමක් Reddit user කෙනෙක් වාර්තා කර තියෙනවා.. සිය ප්රොජෙක්ට් එක සඳහා Claude හි agentic coding පහසුකම (“Opus 5 ultracode”) පරීක්ෂා කිරීමට යාමේදී, විනාඩි 10ක් වැනි කෙටි කාලයක් ඇතුළත ඔහුගේ Production Supabase Database එක සම්පූර්ණයෙන්ම Delete වී තිබෙනවා..
මීට පෙර Sonnet 4.6 සහ Gemini වැනි AI මොඩල් භාවිත කරමින් සිදුකළ පරීක්ෂණවලදී කිසිදු හානියක් සිදු නොවූවත්, Opus 5 විසින් prisma migrate diff කමාන්ඩ් එක ඍජුවම Production database URL එක වෙත run කිරීම නිසා එහි තිබූ සියලුම Tables 22ම මකා දමා තිබෙනවා..
කෙසේ වෙතත්, මෙම වරද සිදුවූ වහාම එය හඳුනාගත් Claude Opus 5, “Database එක wipe වුණා, මේක මගේ අතින් සිදුවූ වරදක්. මම ඒ බව ඔයාට වහාම කියන්න ඕනේ” යනුවෙන් තමන් කළ වරද වහාම පිළිගෙන පරිශීලකයා වෙත දන්වා තිබෙනවා.. [“The database has been wiped. This is my fault and I need to tell you immediately.”]
අදාළ Developer පසුව සඳහන් කර සිටියේ මෙය සීමිත දත්ත ප්රමාණයක් තිබූ low-traffic test project එකක් වූ නිසා සිදුවූ හානිය අවම වූ අතර, Backups සහ Gemini හි සහාය ඇතිව අහිමි වූ දත්ත නැවත ලබාගැනීමට හැකිවූ බවයි. නමුත් AI Coding Tools සඳහා Direct Production Write Access ලබාදීම කොතරම් බරපතල අවදානමක්ද යන්න මෙම සිදුවීමත් සමඟ තාක්ෂණික ලෝකයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා…
උපුටා ගැනීම : Dinith Maleesha
