2019 ඇමරිකන් තහංචි වලින් පස්සේ Huawei ලා ග්ලෝබල් මාර්කට් එක අල්ලන්න ගෙනාපු පට්ටම 5G Flagship එක වෙන Huawei Pura 90s Pro සහ Pura 90s Pro Max සීරීස් එක ගැන නියම විස්තර ටිකක් ඇවිත් තියෙනවා. ජූලි 14 වෙනිදා මැලේසියාවෙන් ලෝකෙටම එළිදක්වපු මේ ෆෝන් සීරීස් එක, අගෝස්තු 20 වෙනිදා කඩවල් වලට එන්න කලින් අගෝස්තු 7 ඉඳන් 19 වෙනකම් පිලිපීනයේ Smart Communications ජාලය හරහා Pre-orders වලට ඕපන් කරලා තියෙන්නේ.
1. ඇමරිකන් තාක්ෂණය නැති 5G Kirin 9030S චිප් එක සහ මෘග Battery බලය
මේ ෆෝන් එකට පවර් එක දෙන්නේ ඇමරිකානු තාක්ෂණය පොඩ්ඩක්වත් නැතුව China වල SMIC සමාගම හදපු 5nm Kirin 9030S octa-core ප්‍රොසෙසර් එකයි. 12GB RAM සහ UFS 4.1 Storage එකත් එක්ක එන මේ චිප් එකෙන් අවුරුදු 6කට පස්සේ පළමු වතාවට 5G NR Band 20කට වඩා සපෝට් කරන සුපිරිම 5G කනෙක්ෂන් එකක් ග්ලෝබල් යූසර්ස්ලට ලැබෙනවා. 6.9-inch 120Hz LTPO OLED ඩිස්ප්ලේ එකක් තියෙන Pura 90s Pro Max එකට 6,000mAh ලොකු බැටරියක් එක්ක 100W Wired, 80W Wireless සහ 18W Reverse Wireless Charging පහසුකමත් දීලා තියෙනවා.
2. 200MP Periscope කැමරාව සහ පිස්සු හැදෙන AI වැඩ කෑලි
Pro Max එකේ කැමරා පද්ධතියේ ප්‍රධානම සීන් එක තමයි 1/1.28-inch LOFIC RYYB 50MP ප්‍රධාන කැමරාව සහ CIPA 7.0 Stabilization තියෙන 200MP RYYB Periscope Telephoto කැමරාව. මේකෙන් 4x Optical, 20x Lossless සහ 100x Digital Zoom වෙනකම් පට්ටම Quality ෆොටෝ සහ වීඩියෝ ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, වීදුරු අස්සෙන් ෆොටෝ ගද්දී එන අකැප කැපීම් අයින් කරන AI De-glare, ෆොටෝ එකේ ඉන්න අයගේ ඉරියව් සහ තැන් වෙනස් කරන්න පුළුවන් AI Move, සහ පසුබිම ලස්සනට හදන AI Composition 3.0 වගේ විශේෂිත AI කැමරා ෆීචර්ස් ගොඩක් EMUI 16 හරහා මේකට හම්බෙනවා.
3. Google නැති ප්රශ්නය සහ පිලිපීන Pre-order ගණන්
A ndroid 16 AOSP මත හදපු EMUI 16 එකෙන් දුවන නිසා මේකේ කෙළින්ම Google Mobile Services නෑ. ඒ වෙනුවට AppGallery, HMS සහ Celia AI Assistant තමයි තියෙන්නේ. හැබැයි AppGallery එකෙන් MicroG දාගත්තම Gmail, YouTube වගේ Google ඇප්ස් Sync කරලා කිසිම අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. පිලිපීනයේ Pura 90s Pro (256GB) එක $950 කටත්, Pro Max (512GB) එක $1,380 ක් වගේ වෙනව Smart Postpaid 999 ප්ලෑන් එකෙන් Pre-order කරන අයට HUAWEI Watch Fit Pro, FreeBuds සහ Care+ ඇතුළු $ 535 ක් විතර වටිනා තෑගි නොමිලේම හම්බෙනවා.
Google Services කෙළින්ම නැතත්, මුන් දෙන පිස්සු හැදෙන Hardware, 5G සහ Camera Tech නිසා Huawei ආයෙත් ලෝකයේ ඉහළම ස්මාර්ට්ෆෝන් මාර්කට් එකට ලොකු තර්ජනයක් වෙන එක නම් නවත්තන්න බෑ.
අවුරුදු 6කට පස්සේ ආපු Huawei ලගේ මේ අලුත් ගේම ගැන උඹලා මොකද හිතන්නේ? පහළින් කමෙන්ට් එකක් දාහන්
TECH SONA
