Gemini 3.7 Flash

Mic
By Mic

ගූගල් සමාගම විසින් ඔවුන්ගේ නවතම සහ බුද්ධිමත්ම “Workhorse” AI මොඩල් එක වන Gemini 3.7 Flash නිල වශයෙන් එළිදක්වා තිබෙනව.. සති කිහිපයක් වැනි කෙටි කාලයක් ඇතුළත Flash මොඩල් පෙළ සීඝ්‍රයෙන් යාවත්කාලීන කරමින් පැමිණි මෙම නවතම මොඩල් එක, පරිශීලකයින්ගේ එදිනෙදා කාර්යයන්, Coding, Web Development සහ Agentic Workflows වෙනුවෙන්ම විශේෂයෙන් වැඩිදියුණු කර තිබීම විශේෂත්වයක්..

මෙහි ඇති විශේෂතා සහ හැකියාවන් දෙස බැලීමේදී, First-pass code accuracy එක ඉහළ නංවා ඇති අතර, UI generation සහ Web layouts එකවර නිර්මාණය කිරීමේ හැකියාවෙන්ද මෙය යුක්තයි..

Software Engineering (DeepSWE v1.1) හිදී 37.0% සිට 65.3% දක්වාද, Web Development (Code Arena Elo) හිදී 1506 සිට 1588 දක්වාද, Enterprise Automation (AutomationBench) හිදී 13.4% සිට 30.4% දක්වාද ලෙස Benchmark පරීක්ෂණවලදී දැවැන්ත කාර්යසාධන පිම්මක් සටහන් කිරීමට මෙම මොඩල් එක සමත් වී තිබෙනවා..

Google AI Pro සහ Ultra සබ්ස්ක්‍රයිබර්ස්ලා සඳහා Gemini App එක තුළ ඇති ඔබේ 24/7 personal AI agent වන Gemini Spark බලගන්වන්නේද මෙම Gemini 3.7 Flash මඟිනුයි. ඒ හරහා Gmail, Google Calendar, සහ Google Docs වැනි Google Workspace apps තුළ Multi-step tasks වඩාත් නිවැරදිව ඉටු කිරීමට ඊට හැකියාව ලැබෙනවා..

2026 වසර අවසාන වන තෙක් Gemini 3.6 Flash හි පැවති මිලට වඩා 50% ක අඩුවෙන්, එනම් Input Tokens මිලියනයකට $0.75ක් සහ Output Tokens මිලියනයකට $3.75ක් වැනි අතිශය සහනදායී කොස්ට් එකකින් මෙය ලබාගත හැකියි..

අද සිටම Developersලා සඳහා Google AI Studio, Antigravity, Android Studio සහ Gemini API හරහාද, Enterprises සඳහා Gemini Enterprise Agent Platform හරහාද, සාමාන්‍ය පරිශීලකයින් සඳහා Gemini App හි Gemini Spark හරහාද මෙය භාවිතයට ගන්න පුලුවන්..

Gemini 3.5 සිට 3.6 හරහා 3.7 දක්වා කෙටි කාලයකින් පැමිණි මේ දැවැන්ත පරිණාමය, Developer community එකට සහ Agentic AI භාවිත කරන සැමටම විශාල සහනයක් වනු ඇත..

උපුටා ගැනීම : Dinith Maleesha

Share This Article