ලොව පුරා බිලියනයකට අධික පිරිසක් භාවිත කරන Telegram මැසේජින් ප්ලැට්ෆෝම් එක, Domain Name ක්ෂේත්‍රයට දැවැන්ත පිම්මක් තබමින් තමන්ගේම Generic Top-Level Domain (gTLD) එකක් වන .gram සඳහා නිල වශයෙන් අයදුම් කර ඇති බව එහි නිර්මාතෘ Pavel Durov විසින් නිවේදනය කර තිබෙනවා..
මෙම ඉල්ලීමට අනුමැතිය හිමි වුවහොත්, Telegram පරිශීලකයින්ට තමන්ගේ Username එකට ගැළපෙන පරිදි yourname [.] gram ආකාරයෙන් පෞද්ගලික Second-Level Domain එකක් ලබා ගැනීමට අවස්ථාව හිමිවනු ඇත.. එපමණක් නොව, සරල Single Prompt එකක් ලබා දීමෙන් Telegram සෘජුවම Host කරන Interactive Websites ක්ෂණිකව නිර්මාණය කිරීමේ අපූරු පහසුකමක්ද පරිශීලකයින් වෙත හිමිවීමට නියමිතයි…
මේ සඳහා Registry Service Provider (RSP) ලෙස Web3 Identity ආයතනයක් වන Unstoppable [.] ai (Unstoppable Domains) සමාගම Telegram සමඟ අත්වැල් බැඳගෙන තිබෙනවා..
අන්තර්ජාලයේ Domain Names සහ IP Addresses පාලනය කරන ගෝලීය සංවිධානය වන ICANN (Internet Corporation for Assigned Names and Numbers) විසින් 2026 වසර සඳහා විවෘත කළ නව gTLD අයදුම්පත් අදියර යටතේ Telegram සමාගම මෙම පියවර ගෙන ඇත. එක් Domain එකක් වෙනුවෙන් ඩොලර් $227,000 ක ඇගයීම් ගාස්තුවක් අයවන මෙම අදියරට අයදුම්පත් 1,600කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබෙනවා..
මීට පෙර Telegram short link (t [.] me) එක සඳහා භාවිත කළ .me Country-Code Domain එකේ ඇතිවූ ගැටලු මඟහරවා ගනිමින්, තෙවැනි පාර්ශවයන්ගෙන් තොරව තමන්ගේම ස්වාධීන Domain පද්ධතියක් පවත්වාගෙන යාම Telegram හි ප්‍රධාන අරමුණයි.. කෙසේ වෙතත්, මෙය සාමාන්‍ය .com එකක් මෙන් වෙනත් Registrars වෙත Transfer කළ නොහැකි, සම්පූර්ණයෙන්ම Telegram පද්ධතිය මඟින් පාලනය වන Platform-Managed අනන්‍යතාවයක් ලෙස ක්‍රියාත්මක වේ..
ICANN හි ඇගයීම් ක්‍රියාවලිය, විරෝධතා කාලසීමාව සහ තවත් පාර්ශවයක් .gram සඳහා ඉල්ලුම් කර තිබීම නිසා ඇතිවිය හැකි තරඟකාරීත්වය හේතුවෙන් මෙම ක්‍රියාවලිය සම්පූර්ණ වී DNS Root Zone එකට එක්වීමට යම් කාලයක් ගතවනු ඇත..
හුදෙක් Messaging ඇප් එකකින් ඔබ්බට ගොස් Web Identity සහ Web Hosting ක්ෂේත්‍රය තමන්ගේ අතට ගැනීමට Telegram තැබූ මෙම නව පියවර, අනාගත අන්තර්ජාල අවකාශය තුළ තවත් දැවැන්ත පෙරළියක් සිදු කරනු ඇතැයි නොඅනුමානයි..
උපුටා ගැනීම : Dinith Maleesha
