ලොව අංක එකේ YouTuber වන MrBeast සහ ඔහුගේ නිර්මාණ කණ්ඩායම විසින් YouTube එක තුළ Localization අත්හදාබැලීම් ආරම්භ කර තිබෙනවා..

Mic
By Mic

ඔහුගේ නවතම වීඩියෝ එක සඳහා රටවල් 20කට අධික සංඛ්‍යාවක් ඉලක්ක කරගනිමින්, නරඹන්නා සිටින රට සහ භාෂාව අනුව වෙනස් වන Personalized Thumbnails පද්ධතියක් මෙම වීඩියෝවට ඇතුළත් වෙලා තියෙනවා…

මේ Thumbnail එකේ Jimmy කලබලයෙන් වාහනයක් පදවන අතරතුර පොලිස් රථ පෙළක් ඔහු පසුපස හඹා එන දර්ශනය එකම ආකාරයෙන් පැවතුණද, නරඹන්නාගේ රට සහ භාෂාව අනුව පොලිස් රථයේ පෙනුම සහ එහි සඳහන් වචනය ස්වයංක්‍රීයව වෙනස් වීම මෙහි විශේෂත්වයයි..

ඒ අනුව අදාළ රථය මත “POLICE”, “POLISI”, “POLIZEI”, “पुलिस”, “警察”, “CẢNH SÁT” ආදී වශයෙන් විවිධ භාෂාවන්ට සහ දේශීය පොලිස් වාහනවල ආකෘතියට ගැළපෙන පරිදි වෙනස්කම් සිදු කර තිබෙනවා..

මෙමඟින් international audiences වල click-through rates වැඩි වෙන අතර, Viewstats, Feastables, thumbnail design, virality strategy සහ Beast Games සමඟ සමීපව කටයුතු කරන @chucky (Chucky Appleby) මේ ගැන කියලා තියෙන්නේ “personalized thumbnails by language is the future” යනුවෙනි..

නරඹන්නා ලෝකයේ කුමන රටක සිටියත් වීඩියෝව තමන්ට සමීප සහ හුරුපුරුදු එකක් ලෙස හැඟවීම මෙම උපක්‍රමයේ ප්‍රධාන අරමුණයි..

සෑම ක්ලික් එකක් වෙනුවෙන්ම දැඩි තරඟයක් පවතින වර්තමාන ඩිජිටල් අවකාශය තුළ, ගෝලීය ප්‍රේක්ෂකාගාරයක් ආකර්ෂණය කරගැනීමට MrBeast අරන් තියෙන මේ පියවර ඉදිරියේදී ලොව පුරා අනෙකුත් ප්‍රධාන පෙළේ නිර්මාණකරුවන්ගේද සාමාන්‍ය සම්මතය බවට පත්වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා..

උපුටා ගැනීම : Dinith Maleesha

Share This Article