Developersලා අතර ගොඩක් ජනප්‍රිය AI Code Editor එකක් වන “Cursor” වෙත ලබාදෙන OpenAI මොඩල් සැපයුම් ගිවිසුම අවසන් කිරීමට OpenAI සමාගම නිල වශයෙන් තීරණය කර තිබෙනවා..
Cursor සමාගම ඩොලර් බිලියන 60ක දැවැන්ත ගනුදෙනුවක් හරහා Elon Musk ගේ SpaceX සමාගම යටතට පත්වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති අතර, ඒ අනුව 2026 නොවැම්බර් 12 වන දින සිට Cursor පරිශීලකයින්ට OpenAI මොඩල් වෙත සෘජු ප්‍රවේශය අහිමි වනු ඇත..
තමන්ගේ නිල බ්ලොග් සටහනක් හරහා අදහස් දක්වමින් OpenAI පවසන්නේ, Elon Musk සතු සමාගම් සමඟ මීට පෙර ගිවිසුම් කඩකිරීම් සම්බන්ධයෙන් ඇතිවූ අමිහිරි අත්දැකීම් නිසා SpaceX වෙත තම තාක්ෂණය භාවිත කිරීමට ඉඩදීමේදී විශ්වාසයක් තැබිය නොහැකි බවයි..
විශේෂයෙන්ම Twitter (දැන් X) මිලදී ගැනීමෙන් පසු ඇතිවූ ගිවිසුම් කඩවීම් සහ xAI විසින් OpenAI දත්ත භාවිත කරමින් මොඩල් පුහුණු කළ බවට (Model Distillation) එල්ල වූ චෝදනා OpenAI විසින් මෙහිදී පෙන්වා දී තිබෙනවා..
එමෙන්ම ඉදිරියේදී නිකුත් වීමට නියමිත “Astra” වැනි උසස් AI මොඩල් වල ආරක්ෂාව සහ අනුකූලතාව වෙනුවෙන් මෙවැනි පියවරක් ගැනීම අත්‍යවශ්‍ය වූ බව ඔවුන් සඳහන් කරනවා..
SpaceXAI කණ්ඩායමේ Michael Truell මේ පිළිබඳව අදහස් දක්වමින් කනගාටුව පළ කර ඇති අතර, OpenAI යනු Neutral Infrastructure එකක් ලෙස තමන් මෙතෙක් විශ්වාස කළ බව ප්‍රකාශ කර තිබෙනවා..
කෙසේ වෙතත්, Cursor හි සමස්ත පරිශීලක Traffic එකෙන් OpenAI මොඩල් භාවිත වන්නේ 5%ක් වැනි සුළු ප්‍රතිශතයක් පමණක් බවත්, මේ පිළිබඳව OpenAI සමඟ සාකච්ඡා කර විසඳුමකට පැමිණීමට උත්සාහ කරන බවත් ඔහු පෙන්වා දෙනවා..
OpenAI හි මෙම තීරණයත් සමඟ තරඟකාරී සමාගම් Cursor පරිශීලකයින් වෙනුවෙන් ඉදිරිපත් වී තිබෙනවා.. විශේෂයෙන්ම Anthropic හි සම-නිර්මාතෘ Tom Brown ප්‍රකාශ කර ඇත්තේ Cursor වෙත Claude මොඩල් (විශේෂයෙන් Sonnet) අඛණ්ඩව ලබාදීමට වැඩි Compute පහසුකම් සපයන බවයි..
ඉදිරි මාස 3 ඇතුළත Cursor භාවිත කරන Developersලාට Claude, Grok හෝ වෙනත් විකල්ප මාදිලි වෙත වඩාත් නැඹුරු වීමට සිදුවනු ඇත..
Dinith Maleesha
