අදටත් අපේ උන් අලුත් ෆෝන් එකක් ගත්ත ගමන් Play Store එකට ගිහින් එක එක Antivirus ඇප්ස් බාගන්නවා. හැබැයි ඇත්තම කතාව තමයි, ඇන්ඩ්රොයිඩ් කියන්නේ Antivirus ඇප්ස් වලට වැඩ කිඩ පෙන්නන්න පුළුවන් විදිහට හදපු OS එකක් නෙමෙයි.
1. Application Sandboxing (හුදකලා කිරීමේ කලාව) ![]()
ඇන්ඩ්රොයිඩ් කියන්නේ Linux Kernel එකක් උඩ රන් වෙන OS එකක්. මේකෙදි ෆෝන් එකට දාන හැම App එකකටම වෙනමම User ID (UID) එකක් හැදෙනවා. ඒ කියන්නේ එක App එකක් රන් වෙන්නේ වෙනමම “Sandbox” එකක. උඹ දාන වයිරස් ගාඩ් ඇප් එකටවත් බෑ WhatsApp එකේ හරි, Facebook එකේ හරි ඇතුළේ තියෙන ඩේටා ටිකක් ස්කෑන් කරන්න (ෆෝන් එක Root කරලා නැත්තම්). ඒ කියන්නේ මේ 3rd Party වයිරස් ගාඩ් කියන්නේ අනිත් ඇප්ස් වලට ඇතුල් වෙන්න බැරි නිකන්ම නිකන් තව එක ඇප් එකක් විතරයි.
2. SELinux (Mandatory Access Control) ![]()
OS එක ඇතුළේ තියෙන ඊළඟ සුපිරිම ආරක්ෂක දැල තමයි Security-Enhanced Linux (SELinux). යම්කිසි විදිහකින් අර Sandbox එක කඩාගෙන දරුණු වයිරස් එකක් එළියට ආවත්, OS එකේ Root Level එකට හරි Hardware එකට හරි යන්න SELinux වලින් ඉඩ දෙන්නේ නෑ. මේකෙන් අනවසර ඇක්සස් කෙලින්ම Block කරනවා.
3. Google Play Protect කියන යෝධයා ![]()
ගොඩක් උන් හිතන්නේ Play Protect කියන්නේ නිකන් බොරු කෑල්ලක් කියලා. හැබැයි මූ අමුතුම සත්ත්වයෙක්. Play Protect කියන්නේ නිකන්ම නිකන් වයිරස් ගාඩ් එකක් නෙමේ, Cloud-based Machine Learning Network එකක්. දවසකට බිලියන 125කට වඩා Apps මේකෙන් ස්කෑන් කරනවා. මේකෙන් කරන්නේ නමෙන් වයිරස් අල්ලන එක නෙමෙයි, App එකක හැසිරීම බලන එක. App එකක් හොරෙන් SMS යවනවා නම්, Background Data වෙන සර්වර් එකකට යවනවා නම් Play Protect එකෙන් තත්පරෙන් ඒක අඳුරගෙන Kill කරනවා.
එහෙනම් Antivirus දැම්මම ඇත්තටම වෙන්නේ මොකක්ද? ![]()
මේ වගේ පට්ට Security සිස්ටම් එකක් OS එක ඇතුළෙම තියෙද්දි, උඹජරා ඇප්ස් දාගත්තම කරන්නේ උඹේ ෆෝන් එකටම කෙළවන එක. උන් කරන්නේ දිගටම Background Service එකක් රන් කරලා CPU Wakelocks ඇති කරන එකයි. ඒ කියන්නේ ෆෝන් එකට Deep Sleep යන්න දෙන්නේ නෑ. RAM එක කනවා, බැටරිය පිස්සුවෙන් වගේ බහිනවා. උන් අන්තිමට කරන්නේ නිකන් Downloads ෆෝල්ඩර් එකේ තියෙන ෆයිල්ස් වල නම් ටික බලලා “ඔයා දැන් සේෆ්” කියලා උඹටම ලොකු හීන මානයක් දෙන එක විතරයි.
උඹේ ෆෝන් එකෙත් ඔය වගේ බොරුවට ඉඩ කකා බැටරිය කන වයිරස් ගාඩ් එකක් තියෙනවා නම් දැන්ම Uninstall පාරක් දාලා දාපන්!..
ෆෝන් එකේ තාමත් Antivirus තියෙන උන්ව මෙන්ෂන් කරලා උන්ගේ ඇස් අරවපන්.
TECH SONA
