පදනම් කරගත් Minerva Humanoids සමාගම, බෝම්බ නිෂ්ක්රීය කිරීම, අවදානම් රසායනික ද්රව්ය සම්බන්ධ සිදුවීම් සහ තෙල්,ගෑස් කර්මාන්තයේ අවදානම් වැඩ සඳහා භාවිත කළ හැකි Roger නම් humanoid robot එකක් හඳුන්වා දී තිබෙනවා. පසුගිය ඔක්තෝබර් 6 වැනිදා, General Catalyst නායකත්වයෙන් ඩොලර් මිලියන 10කට ආසන්න ආරම්භක ආයෝජනයක් ලබාගත් බවත් නිවේදනය කළා.
Roger සම්පූර්ණයෙන්ම තනිව තීරණ ගන්න robot එකක් නෙවෙයි. පුහුණු specialist කෙනෙක් VR headset එකක් භාවිත කරමින් robot එකේ කැමරා හරහා දකින දේ බලලා, අවශ්ය ක්රියා පාලනය කරනවා. Minerva සමාගමේ AI පද්ධතිය robot එකේ සමබරතාව, ගමන් කිරීම සහ වැටුණොත් නැවත නැගී සිටීම වගේ කාර්යයන් පාලනය කරනවා. ඒ නිසා අවදානම් තීරණවල අවසන් පාලනය මිනිසා අතේම තියෙනවා.
සාමාන්ය bomb-disposal robots බොහෝවිට රෝද හෝ tracks මත ගමන් කරන, එක් mechanical arm එකක් තියෙන machines. Minervaගේ අදහස වන්නේ, දෙඅත් එකවර භාවිත කරන්න, වාහන ඇතුළට හෝ පටු තැන්වලට යන්න, tools කිහිපයක් භාවිත කරන්න අවශ්ය වැඩ සඳහා මිනිස් හැඩයට සමීප robot එකක් වඩා ප්රයෝජනවත් වෙන්න පුළුවන් කියන එකයි. Rogerට සැකසහිත පුපුරන ද්රව්ය පරීක්ෂා කිරීම, X-ray උපකරණ සකස් කිරීම සහ අවදානම් වස්තුවක් ආරක්ෂිත ස්ථානයකට ගෙනයාම වගේ කාර්යයන් සඳහාත් සමාගම සැලසුම් කරලා තියෙනවා.
Minerva කියන විදිහට, Roger සංකල්පය ඇවිදින prototype එකක් දක්වා ගෙන එන්න මාස පහක් පමණක් ගතවී තිබෙනවා. එහි software සහ AI වැඩ බොහෝ දුරට ඇමරිකාවේ සංවර්ධනය කරන අතර, මුල් prototypes ජර්මනියේ නිෂ්පාදනය කරලා තියෙනවා.
සමාගමේ CEO Sandor Felber මීට පෙර Tesla Optimus සහ MIT humanoid robotics research සම්බන්ධ වැඩ කරලා තියෙන අතර, CTO Maurice Rahme Boston Dynamics හි වසර හයක් technical lead ලෙස සේවය කර තිබෙනවා.
Minerva මේ වසරේ අග භාගයේ තම පළමු paid pilot projects ආරම්භ කිරීමට සූදානම් වන අතර, Roger robot එකේ ප්රධාන අරමුණ මිනිස් specialist කෙනෙකුගේ දැනුම සහ තීරණ ගැනීම robot එක හරහා භාවිත කරමින්, මිනිසා danger zone එකෙන් පිටත තබා ගැනීමයි
Red Bunny
