බොහෝ දෙනෙකුට තිබෙන පොදු ගැටලුවක් තමයි විශාල Group Chat එකක Messages විශාල ප්‍රමාණයක් අතර වැදගත් තොරතුරු සොයාගැනීමට අපහසු වීම. විශේෂයෙන්ම Office Groups, Family Groups සහ Education Groups වැනි නිරන්තරයෙන් Messages හුවමාරු වන Groups තුළ මෙම ගැටලුව වඩාත් දකින්නට ලැබෙනවා.
මේ ගැටලුවට විසඳුම් ලබාදීමේ අරමුණින් WhatsApp විසින් Group Chats සඳහා අලුත් Features හතරක් හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා. 2026 ඔක්තෝබර් 29 වැනිදා නිල වශයෙන් නිවේදනය කළ මෙම Features Android සහ iOS දෙකටම ක්‍රමයෙන් (Gradually) Rollout වෙමින් පවතිනවා.
1. Messages සදහටම Pin කිරීම (Permanent Message Pinning)
WhatsApp Group එකක වැදගත් Message එකක් ඉහළින් තබාගැනීමට මීට පෙරත් Pin Message පහසුකම තිබුණා. නමුත් එහිදී පැය 24ක්, දින 7ක් හෝ දින 30ක් වැනි කාල සීමාවක් තෝරාගත යුතු වුණා.
නව Update එකත් සමඟ එම සීමාව ඉවත් කරමින් Message එකක් කාල සීමාවකින් තොරව Pin කර තැබීමට හැකියාව ලබාදී තිබෙනවා.
මෙය විශේෂයෙන්ම වැදගත් වන්නේ,
– Office Groups වල වැදගත් නිවේදන.
– Class Groups වල අධ්‍යාපනික තොරතුරු.
– Family Groups වල උත්සව සහ ගමන් සැලසුම්.
– Community Groups වල නීති සහ උපදෙස්.
වැනි තොරතුරු නිතරම Group එකේ ඉහළින් තබාගැනීමටයි.
2. Group එකට අලුතින් Join වන Members ලට පරණ Messages Share කිරීම
මෙය නව Features අතරින් වඩාත් ප්‍රයෝජනවත් Feature එකක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.
සාමාන්‍යයෙන් WhatsApp Group එකකට අලුත් සාමාජිකයෙකු Join වූ විට ඔහුට හෝ ඇයට Join වීමට පෙර හුවමාරු වූ Messages දැකගැනීමට හැකියාවක් තිබුණේ නැහැ.
මීට පෙර අලුත් Member කෙනෙකු Group එකට Add කරන අවස්ථාවේදීම Recent Message History එක Share කිරීමේ විකල්පයක් හඳුන්වා දී තිබුණා.
නමුත් දැන් තිබෙන අලුත් වෙනස වන්නේ Member කෙනෙකු Group එකට Join වූ පසුව වුවත් ඔහුගේ හෝ ඇයගේ නම මත Tap කර Recent Messages Share කිරීමට හැකි වීමයි.
ඒ අනුව,
– අලුත් Member කෙනෙකුට පැරණි සාකච්ඡා පිළිබඳ අවබෝධයක් ලබාගත හැකියි.
– වැදගත් තොරතුරු නැවත නැවත පැහැදිලි කිරීමේ අවශ්‍යතාව අඩු වෙනවා.
– පරණ Messages Screenshots ලෙස යැවීමේ අවශ්‍යතාවත් අඩු වෙනවා.
ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ කරුණක් ලෙස Share කරන Message History එකත් සාමාන්‍ය WhatsApp Chats මෙන්ම End-to-End Encryption මගින් ආරක්ෂා කර තිබෙනවා. එම නිසා මෙම පහසුකම හරහා Share කරන Messages සඳහාත් WhatsApp හි සාමාන්‍ය Encryption ආරක්ෂාව අදාළ වෙනවා.
3. Group එකකට පමණක් පෙනෙන Status දැමීම (Group Status)
WhatsApp Status එකක් දැමීමේදී සාමාන්‍යයෙන් My Contacts, My Contacts Except සහ Only Share With වැනි Privacy Settings හරහා එය දැකිය හැක්කේ කාටද යන්න පාලනය කළ හැකියි.
නමුත් අලුත් Group Status Feature එක මගින් තෝරාගත් WhatsApp Group එකක සාමාජිකයන්ට පමණක් පෙනෙන Status Update එකක් Share කිරීමට හැකියාව ලැබෙනවා.
මෙහි විශේෂත්වය වන්නේ,
– තෝරාගත් Group එකේ සාමාජිකයන්ට පමණක් Status එක පෙනීම.
– Group Members ලට එම Status එක View කිරීමට හැකි වීම.
– Status එකට Reactions ලබාදීමට හැකි වීම.
– අනෙකුත් සාමාජිකයන්ටත් තමන්ගේ Status Updates එකතු කිරීමට හැකි වීම.
සාමාන්‍ය WhatsApp Status මෙන්ම Group Status Updates ද පැය 24කට පසුව ස්වයංක්‍රීයව අතුරුදහන් වෙනවා.
උදාහරණයක් ලෙස Office Group එකකට පමණක් වැදගත් නිවේදනයක් හෝ Family Group එකකට පමණක් ඡායාරූපයක් Share කිරීමට මෙය ප්‍රයෝජනවත් වෙනවා.
4. Mentions & Replies Filter එක
විශාල WhatsApp Groups කිහිපයකම සාමාජිකයෙකු වන කෙනෙකුට තමන්ව Mention කර තිබෙන Messages හෝ තමන්ගේ Messages වලට ලැබුණු Replies සොයාගැනීම ඇතැම්විට අපහසුයි.
මෙම ගැටලුවට විසඳුමක් ලෙස WhatsApp විසින් අලුත් Mentions & Replies Filter එක හඳුන්වා දී තිබෙනවා.
මෙම Filter එක භාවිතා කළ විට ඔබට පහසුවෙන් සොයාගත හැක්කේ,
– ඔබව @Mention කර තිබෙන Unread Group Conversations.
– ඔබ යැවූ Messages වලට ලැබී ඇති Unread Direct Replies.
– Group එකේ සියලුම සාමාජිකයන්ට Notification යවන @all Mentions ඇතුළත් Unread Conversations.
ඒ අනුව සියලුම Group Chats එකින් එක විවෘත කර පරීක්ෂා කිරීම වෙනුවට ඔබට අදාළ Messages පමණක් ඉක්මනින් සොයාගැනීමට හැකි වෙනවා.
මෙය විශේෂයෙන්ම Groups විශාල සංඛ්‍යාවක් භාවිතා කරන පුද්ගලයන්ට සහ නිතරම WhatsApp හරහා වැඩකටයුතු කරන අයට ඉතා ප්‍රයෝජනවත් වේවි.
WhatsApp විසින් මෙම Features 2026 ඔක්තෝබර් 29 වැනිදා නිවේදනය කර තිබෙන අතර Android සහ iOS දෙක සඳහාම Gradually Rollout කිරීම ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව සියලුම පරිශීලකයන්ට එකම අවස්ථාවක මෙම Features ලැබෙන්නේ නැහැ. ඉදිරි සති කිහිපය තුළ තවත් Accounts වෙත ඒවා ලැබීමට නියමිතයි
Lakshan Weerasingha
