Google DeepMind,

Mic
By Mic

සමාගමේ බ්‍රිතාන්‍ය සේවකයන් පිරිසක්, සේවයෙන් ඉවත්වීමෙන් පසුවත් සමාගම විවේචනය කිරීම සීමා කරන Employment Agreements වලට විරෝධය පළ කර තිබෙනවා. පසුගිය නොවැම්බර් 3 වැනිදා The Washington Post අනාවරණය කළ පරිදි, ඇතැම් සේවක ගිවිසුම්වල ඇතුළත් Non-Disparagement Clauses හේතුවෙන් AI තාක්ෂණයේ ආරක්ෂක අවදානම් පිළිබඳව ප්‍රසිද්ධියේ අදහස් දැක්වීම සීමා විය හැකි බව සේවකයන් පෙන්වා දෙනවා.

මෙම ගැටලුවට අවධානය යොමු වූයේ හිටපු Google DeepMind සේවිකාවක වන Sophia Liguori, සමාගමේ Military AI සංවර්ධන කටයුතු පිළිබඳව ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් පසුවයි. ඉන් අනතුරුව තමන්ගේ ගිවිසුම් පරීක්ෂා කළ සේවකයන් කිහිපදෙනෙකුටද සමාන කොන්දේසි හමුවී තිබෙනවා. ඇතැම් සේවකයන් පවසන්නේ මෙවැනි සීමාවන් හේතුවෙන් AI පද්ධතිවල ඇති විය හැකි හානි සහ ආරක්ෂක දුර්වලතා මහජනතාවට හෙළි කිරීමට පර්යේෂකයන් මැළි විය හැකි බවයි.

Google සමාගම පවසන්නේ හිටපු සේවකයන්ට එරෙහිව මෙම කොන්දේසි ක්‍රියාත්මක නොකරන බවත්, අලුතින් බඳවාගන්නා සේවකයන්ගේ ගිවිසුම්වලින් සේවයෙන් ඉවත්වීමෙන් පසු බලපාන සීමාව ඉවත් කර ඇති බවත්ය. කෙසේවෙතත්, දැනට පවතින ගිවිසුම්ද නිල වශයෙන් සංශෝධනය කළ යුතු බවට සේවකයන් ඉල්ලා සිටිනවා. AI ආරක්ෂාව පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමට පර්යේෂකයන්ට තිබිය යුතු නිදහස සම්බන්ධයෙන් මෙම සිදුවීම නව සංවාදයක් ඇති කර තිබෙනවා.

Red Bunny

Share This Article