සිය සේවකයන් 1,271 දෙනෙකුට බලපාන දැවැන්ත ප්‍රතිව්‍යුහගත කිරීමක් 2026 නොවැම්බර් 4 වැනිදා නිවේදනය කර තිබෙනවා. එය සමාගමේ සමස්ත සේවක සංඛ්‍යාවෙන් 22%ක් පමණ වන අතර, ඇතැම් සේවකයන්ගේ රැකියා අහිමිවීම, තනතුරු වෙනස්වීම සහ වෙනත් කාර්යාල වෙත මාරුවීමට සිදුවීම මෙයට ඇතුළත්. කෙසේවෙතත්, සේවයෙන් ඉවත් කරන නිශ්චිත සංඛ්‍යාව Canva තවම ප්‍රකාශ කර නැහැ.
Canva හි සම-නිර්මාතෘ සහ CEO Melanie Perkins පවසන්නේ වසර දහයකට පසු පළමු වරට සමාගමේ වර්ධන වේගය අඩුවී ඇති බවයි. සමාගමේ වසර 13ක ඉතිහාසයේ දුෂ්කරම අවස්ථාව මෙය බවත් ඇය සඳහන් කර තිබෙනවා. නව සැලැස්ම යටතේ කළමනාකරණ ස්ථර අඩු කිරීම, කණ්ඩායම් ඒකාබද්ධ කිරීම සහ Sydney නගරය ප්‍රධාන Product Development මධ්‍යස්ථානය බවට පත් කිරීම සැලසුම් කර තිබෙනවා.
මෙම තීරණය පැමිණෙන්නේ AI Design Tools වේගයෙන් දියුණු වෙමින් සාම්ප්‍රදායික Software සමාගම්වලට නව තරගකාරිත්වයක් ඇතිවන පසුබිමකයි. කෙසේවෙතත්, Canva සිය නිවේදනයේදී AI තාක්ෂණය රැකියා කප්පාදුවට සෘජු හේතුවක් ලෙස නම් කර නැහැ. සේවයෙන් ඉවත්වන පුද්ගලයන්ට අවම වශයෙන් මාස හයක වැටුපක්, අදාළ රටවල සෞඛ්‍ය ආවරණය සහ නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ඩොලර් 10,000ක ප්‍රදානයකට අයදුම් කිරීමේ අවස්ථාව ලබාදීමටත් සමාගම සැලසුම් කර තිබෙනවා.
Red Bunny
