හැමතැනම තියෙන ලොකුම ජාවාරම තමයි මේ “Online Part-Time Jobs / Task Scams” කියන්නේ. මුලින්ම ඔයාට ඇත්තටම සල්ලි ටිකක් බැංකු ගිණුමට දාලා විශ්වාසය දිනාගෙන, අන්තිමට ඔයාගේ මුළු සේසතම සුද්ද කරන මේ ජාවාරම අඳුරගන්න පුළුවන් ප්‍රධානම රතු එළි (Red Flags) 5 මෙන්න!
1. “මුලින්ම නොමිලේ සල්ලි දීලා පස්සේ Deposit ඉල්ලනවා!” (The Bait) ![]()
• මුලින්ම එයාලා කියන්නේ YouTube වීඩියෝ එකකට Like කරන්න, Google Map එකේ හෝටලයකට Review එකක් දාන්න, නැත්නම් TikTok එකක් Follow කරන්න කියලයි.
• ඒක කරපු ගමන් ඇත්තටම ඔයාගේ බැංකු ගිණුමට රු. 500ක් හෝ 1,000ක් දානවා! එතකොට ඔයා හිතන්නේ “ආ මේක ඇත්තම ජොබ් එකක්නේ” කියලයි.
• උගුල පටන් ගන්නේ එතනින්: ඊළඟට එයාලා ඔයාව VIP Telegram Group එකකට දාලා කියනවා “වැඩිපුර කොමිස් (Commission) ගන්න නම් VIP Task එක කරන්න ඕනේ, ඒකට රු. 10,000ක් Deposit කරන්න, කරපු ගමන් රු. 13,000ක් ආපහු දෙනවා” කියලා. මුල් පාර දෙපාර සල්ලි දීලා, ඔයා ලොකු ගාණක් (රු. 50,000 – ලක්ෂ 2-3ක්) දැම්මට පස්සේ “System Error එකක්, තව ලක්ෂයක් දැම්මොත් විතරයි කලින් සල්ලි ගන්න පුළුවන්” කියලා ඔයාව Block කරලා දානවා! ![]()
2. Play Store / App Store එකේ නැති Fake APK Apps ![]()
• මේ හොරුන්ට තියෙන්නේ Play Store එකේවත් නැති, වෙබ් ලින්ක් එකකින් Download කරන්න දෙන ව්‍යාජ APK Apps හෝ Websites (e.g., .xyz, .top, .vip වැනි නම් වලින් එන සයිට්).
• ඒ ඇප් එක ඇතුළේ ඔයාගේ Account එකේ රුපියල් ලක්ෂ ගාණක් පෙන්නුවාට, ඒවා නිකන්ම Screen එකේ පේන බොරු ඉලක්කම් විතරයි! කවදාවත් ඒ සල්ලි Withdraw කරන්න බැහැ.
3. Telegram Group එකේ ඉන්න බොරු සාමාජිකයෝ (Fake Bots) ![]()
• ඔයාව දාන Telegram Group එකේ තව 50-100ක් විතර ඉන්නවා පේනවා. හැමතිස්සෙම ඒ අය “මට අද රු. 45,000ක් ආවා”, “Thank you Sir, මගේ සල්ලි බැංකුවට ආවා” කියලා Bank Slip වල Screenshots දානවා.
• ඇත්ත කතාව: ඒ Group එකේ ඉන්නේ ඔයා විතරයි ඇත්ත මනුස්සයෙකුට ඉන්නේ! අනිත් ඔක්කොම ඒ හොරුන්ගේම Fake Accounts සහ Bots ලා!
4. කිසිම සුදුසුකමක් නැතුව ලොකු පඩි දෙනවා කීම ![]()
• ලෝකයේ කිසිම නීත්‍යානුකූල සමාගමක් YouTube වීඩියෝ එකකට Like එකක් දැම්මා කියලා දවසට රු. 10,000 ගාණේ ගෙවන්නේ නැහැ. මහන්සියක් නැතිව ලොකු මුදලක් ලැබෙනවා කියලා කවුරුහරි කිව්වොත් ඒක 100% ක්ම Scam එකක්!
5. තනි පුද්ගලයින්ගේ බැංකු ගිණුම් වලට සල්ලි දාන්න කීම ![]()
• කිසිම Registered Company එකක් තමන්ගේ සේවකයින්ගෙන් වෙනත් පෞද්ගලික පුද්ගලයින්ගේ (Personal Bank Accounts) ගිණුම් වලට සල්ලි Deposit කරන්න කියන්නේ නැහැ. (මේ ගිණුම් බොහෝ විට මුදල් වලට ගත්තු අහිංසක මිනිස්සුන්ගේ ගිණුම් – Money Mules).
ඔයා දැනටමත් මේකට අහුවෙලා නම් මොකද කරන්නේ?
1. තව එක රුපියලක්වත් “කලින් දාපු සල්ලි ටික ගන්න” කියලා ආයෙත් Deposit කරන්න එපා! ඒක තවත් ලොකු බොරුවක්.
2. වහාම ඔයා සල්ලි දාපු Bank Slips සහ Chat Screenshots අරගෙන ළඟම තියෙන පොලීසියට හෝ CID Cyber Crimes Division එකට පැමිණිල්ලක් දාන්න.
3. ඒ අය එවපු APK App එකක් Phone එකට Install කළා නම් වහාම ඒක Uninstall කරලා, ඔයාගේ Online Banking Passwords මාරු කරගන්න!
Threejay Coms
