මෙතෙක් කල් තිබුණු ChatGPT,

Mic
By Mic

Claude හෝ GitHub Copilot වගේ Coding AI වලින් කළේ අපි Prompt එකක් දුන්නාම කෝඩ් කෑල්ලක් ලියලා දෙන එක විතරයි. ඊට පස්සේ ඇප් එකේ එන Bugs හදන්න, Speed එක වැඩි කරන්න සහ Security බලන්න Developers ලාට නිදි මරාගෙන වැඩ කරන්න වුණා.

හැබැයි ඊයේ (නොවැම්බර් 18) Google Labs විසින් ඒ සම්ප්‍රදාය සම්පූර්ණයෙන්ම වෙනස් කරන අතිප්‍රබල Always-On AI Agent කෙනෙක් වෙන Stitch Loop නිල වශයෙන් ලෝකයට හඳුන්වා දීලා තියෙනවා! 🚀

මෙන්න මේ අලුත්ම Stitch Loop එකේ තියෙන පිස්සු හැදෙන විශේෂාංග:

🔄 1. 24/7 නොනවත්වා වැඩ කරන “Always-On” කෝඩර් කෙනෙක්! ⚡

• මේක එක වැඩක් කරලා නතර වෙන AI එකක් නෙවෙයි. ඔයාගේ GitHub Codebase එකට සහ Live App Metrics වලට කෙලින්ම සම්බන්ධ වෙලා, දවසේ පැය 24 පුරාම ඇප් එකේ තත්ත්වය නිරීක්ෂණය කරනවා.

• කොතන හරි Bug එකක් ආවොත්, Page එක Load වෙන්න පරක්කු වුණොත්, හෝ Users ලා ඇප් එකෙන් අයින් වෙන තැනක් දැක්කොත්, ඒක තනියම හඳුනාගෙන අදාළ Code එක අලුතෙන් ලියලා (Rewrite) හදනවා!

🛡️ 2. Gemini 4 Carbon + DeepMind CodeMender ආරක්ෂාව 🔐

• Stitch Loop ඇතුළේ තියෙන Security Loop එක බලගැන්වෙන්නේ ගූගල් ලගේ අලුත්ම Gemini 4 Carbon සහ Google DeepMind CodeMender තාක්ෂණයන්ගෙන්.

• හැකර් කෙනෙක් රිංගන්නත් කලින් Code එකේ තියෙන ආරක්ෂක සිදුරු (Vulnerabilities) ස්කෑන් කරලා, ඒවා වහන්න අවශ්‍ය Patch එක තනියම හදලා දෙනවා.

✅ 3. ඔයාගේ අවසරය නැතුව කිසිම දෙයක් Live යන්නේ නැහැ! (Human Review) 👨‍💻

• AI එක තනියම Code එක වෙනස් කළාට, ඔයාගේ අනුමැතිය (Approval) නැතුව කෙලින්ම Live App එකට ඒක Merge කරන්නේ නැහැ.

• ඒ වෙනුවට, හදපු අලුත් Code එකත් එක්ක සාක්ෂි සහිත Pull Request (PR) එකක් GitHub එකට දානවා. ඔයාට තියෙන්නේ ඒක චෙක් කරලා “Approve” ඔබන්න විතරයි!

💬 4. Slack සහ 180+ Tools සමඟ සම්බන්ධ වීම 🔗

• ඔයාගේ ටීම් එක වැඩ කරන Slack එකටම Stitch Loop සම්බන්ධ කරලා, උදේට ඇප් එකේ තත්ත්වය ගැන Daily Summary එකක් ගන්නත්, @stitch කියලා මෙන්ෂන් කරලා අලුත් වැඩ පවරන්නත් පුළුවන්.

Threejay Coms

Share This Article