AI එකට ඔයාගේ රහස් කිව්වොත් මොකද වෙන්නේ? Data Privacy Leak කියන්නේ සෙල්ලමක්ද?

Mic
By Mic

අද අපි ඊමේල් ලියන්න, අසයින්මන්ට් කරන්න විතරක් නෙවෙයි code එකක ලෙඩක් හොයාගන්නත් AI පාවිච්චි කරනවා. හැබැයි ඔයා දන්නවද ඔයා දෙන දත්ත වලට මොකද වෙන්නේ කියලා? 2026 වෙද්දී AI ලෝකයේ තියෙන ලොකුම අනතුර තමයි Data Privacy Leak කියන්නේ.

⚜️ කොහොමද AI එකකින් දත්ත එළියට යන්නේ? ⚜️

AI එකක් වැඩ කරන්නේ අපි දෙන දත්ත වලින් ඉගෙනගෙනයි. මේක තේරුම් ගන්න AI එක “පොදු පුස්තකාලයක්” කියලා හිතන්න:

1. ඔයා දෙන තොරතුරු: ඔයා ඔයාගේ පෞද්ගලික විස්තරයක් හෝ ඔයා වැඩ කරන ආයතනයේ රහස් code එකක් AI එකට දෙනවා.

2. මතකය: AI එක ඒ දත්ත තමන්ගේ මතකයේ (Training Data) තියාගන්නවා තවත් දක්ෂ වෙන්න.

3. ලීක් වීම: වෙනත් කෙනෙක් මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවම, අර AI එක ඔයා දුන්න රහස් තොරතුරු අනිත් කෙනාට උත්තරයක් විදිහට දෙන්න පුළුවන්.

⚜️ රහස්‍යභාවය රැකගන්නේ කොහොමද? ⚜️

👉 පෞද්ගලික දත්ත දෙන්න එපා: කිසිම වෙලාවක ඔයාගේ Password, බැංකු විස්තර හෝ ඉතා පෞද්ගලික ලේඛන AI එකට දෙන්න එපා.

👉 Private Modes පාවිච්චි කරන්න: දැන් ගොඩක් AI ඇප් වල “Private Chat” හෝ “Temporary Chat” කියලා පහසුකමක් තියෙනවා. ඒකෙන් ඔයාගේ දත්ත AI එක ඉගෙන ගන්න පාවිච්චි කරන්නේ නැහැ.

👉 Local AI පාවිච්චි කිරීම: ඔයා ඩිවලොපර් කෙනෙක් නම්, Ollama වගේ ඒවා පාවිච්චි කරන්න. එතකොට ඔයාගේ Data internet එකට යන්නේ නෑ

උපුටා ගැනීම : මුහුණු පොත (Gen AI)

Share This Article