AI විනෝදාස්වාද කර්මාන්තය සඳහා විශාල දායකත්වයක් සපයනවා. ඒ කොහොමද කියලා අද අපි බලමු.
Netflix සහ Spotify වැනි විනෝදාස්වාද සේවා AI ඇල්ගොරිතම භාවිතා කරමින් පරිශීලක මනාපයන් අධ්‍යනය කරනවා. මිනිසුන්ගේ බැලීමේ/ඇහුම්කන් දීමේ පුරුදු නිරීක්ෂණය කරනවා. තනි තනි පුද්ගලයන්ගේ හැසිරීම් රටාවනුත් විශ්ලේෂණය කරනවා. එහි ප්‍රතිඵලයක් විදිහට පුද්ගල රුචි අරුචිකම් සමඟ නිවැරදිව සමපාත වන චිත්‍රපට, රූපවාහිනී වැඩසටහන්, සංගීතය සහ පොඩ්කාස්ට් යෝජනා කරන අතර පරිශීලක තෘප්තිය වැඩි වෙනවා.
සමහර සංගීතයන්, කලා කෘති සහ වීඩියෝ වැනි ඩිජිටල් අන්තර්ගතයන් නිර්මාණය කිරීමට AI-බලගන්වන මෙවලම් භාවිතා කෙරෙනවා. AI-උත්පාදනය කරන ලද සංගීතයන්, වීඩියෝ සහ ඩිජිටල් කලා කෘති මේ වන විට වඩාත් ජනප්‍රිය වෙමින් තිබෙනවා. මිනිසාගේ නිර්මාණාත්මක හැකියාවන් පුළුල් කරන්න, ප්‍රබෝධමත් නව ප්‍රකාශන බිහි කරන්න AI දැනුම උදව් වෙනවා.
ඔන්ලයින් ක්‍රීඩා වැඩි දියුණු කිරීම සඳහාත් AI භාවිතා කරනවා. AI වීඩියෝ ක්‍රීඩාවලට ඒකාබද්ධ කිරීමද සිදු කෙරෙනවා. AI මත පදනම් වූ ක්‍රීඩා නිර්මාණ මෙවලම් වලට වැඩි ආකර්ෂණයක් හිමි වෙනවා.
AI හරහා VR සහ AR අත්දැකීම් වැඩි දියුණු කර ඇත. AI ඇල්ගොරිතම වස්තු හඳුනාගැනීම, සිතියම්ගත කිරීම, සෙලවීම් හඳුනාගැනීම, ස්වභාවික භාෂා සැකසීම සහ වැඩි දියුණු කළ අන්තර්ගතයන් ඉදිරිපත් කිරීම සිදු කරනවා.
AI බලයෙන් ක්‍රියාත්මක වන සෙවුම් යන්ත්‍ර පරිශීලකයින්ට ඔවුන්ගේ මනාපයන් සහ රුචිකත්වයන් මත පදනම්ව නව චිත්‍රපට, රූපවාහිනී වැඩසටහන්, පොත්, ක්‍රීඩා සහ වෙනත් විනෝදාස්වාද අංශ සොයා ගැනීමට උදව් කරනවා.
සමාජ මාධ්‍ය වල පල වන ලිපි, පින්තූර සහ වීඩියෝ වල නුසුදුසු හෝ හානිකර අන්තර්ගතයන් තිබෙනවා නම් ඒවා හඳුනාගෙන ඉවත් කිරීමට AI සමත් වෙනවා. සමාජ මාධ්‍ය වේදිකා වඩාත් ආරක්ෂිත සහ ප්‍රියජනක කිරීමට AI උදව් වෙනවා. එමඟින් පරිශීලක අත්දැකීම් ධනාත්මක වෙනවා.
AI බලයෙන් ක්‍රියා කරන chatbot පුද්ගලයන්ගේ ක්‍රියාකාරීත්වය කළමනාකරණය කිරීමට සහ ඔවුන් විමසන දෙයට ප්‍රතිචාර දැක්වීමට භාවිතා කෙරේ. AI භාවිතා කිරීම මගින් වඩාත් කාලෝචිත තොරතුරු ලබා දීමේ හැකියාව වැඩි වී ඇත. AI සමඟ සංවාදයේ යෙදීමේ හැකියාව නවමු අත්දැකීමක් ගෙන දේ.
වෙළඳ ප්‍රචාරණ කටයුතු පුද්ගලීකරණය කර සිදු කරන්න AI සහාය ලබා ගන්නවා. AI විසින් පරිශීලක දත්ත විශ්ලේෂණය කර එයට ගැලපෙන AI බලයෙන් ක්‍රියාත්මක වන වෙළඳ දැන්වීම් සහ ප්‍රවර්ධන අන්තර්ගතයන් නිර්මාණය කරයි. වෙළඳ දැන්වීම්වල අදාළත්වය වැඩි දියුණු කරන්න AI සමත් වෙනවා. මෙය අලෙවිකරුවන්ට අපේක්ෂිත ප්‍රේක්ෂක කණ්ඩායම් වෙත ලඟා වෙන්න ඵලදායී ලෙස උදව් වෙනවා.
උපුටා ගැනීම: tech expert
