AI Agents සඳහා නව යුගයේ මෙහෙයුම් පද්ධතිය

Mic
By Mic

මයික්‍රොසොෆ්ට් Build 2026 සමුළුවේදී එළිදැක්වූ Project Solara කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් සහ අළුත් ආකාරයක මෙහෙයුම් පද්ධතියක් (OS එකක්)

සාම්ප්‍රදායික apps වෙනුවට AI Agents භාවිතා කරමින් කටයුතු කිරීමට නිර්මාණය කරල තියෙන මේ OS එක ලෝකයේ ඊළඟ පරම්පරාවේ Computing යුගයේ ආරම්භය ලෙස හඳුන්වනවා.

Project Solara වල විශේෂතා,

1. Apps නැති OS එකක්

සාමාන්‍ය Computer හෝ Mobile වල තියෙන Apps install කර භාවිතා කිරීමට වෙනුවට, AI Agents අපි වෙනුවෙන් කටයුතු කරනවා.

2. Chip-to-Cloud

Device එක සහ Cloud එක අතර මැද වැඩ කරන Liminal යනුවෙන් හඳුන්වන විශේෂ System එකක් තියෙනවා. මේ නිසා සරල Tasks Device එකේම Run වෙනකොට Heavy Works ටික Azure හරහා Run වෙනවා.

3. මේක Windows මත Run වෙන එකක් නෙවෙයි. Android Open-Source Project (AOSP) මත පදනම් වූ Microsoft Device Ecosystem Platform (MDEP) භාවිතා කරනවා. මේ නිසා මේකට ලොකු PC අවශ්‍ය නෑ.

4. Agent-First Design

අපේ දෛනික කටයුතු සඳහා AI Agents සෘජුවම ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් ලෙස, ඒජන්ට් අපේ Documents සකස් කරනවා, ඊමේල් යවනවා, Meetings Manage කරනවා වගේ වැඩ සම්පූර්ණ Automatically කරනවා.

5. Microsoft Intune, Entra ID, Microsoft Defender සමඟ සම්පූර්ණ Connect වෙන නිසා මේක ඉතාම ආරක්ෂා සහිත එකක් වෙනවා.

6. හැම වෙලාවෙම Microphone & Camera On/off කරන්න Toggle එකක් තියෙනවා. මේ නිසා AI Agent ට බෑ අපේ camera & Microphone තනියෙන්ම පාලනය කරන්න.

7. Echo Show වගේ Smart Display වලදි අපේ මුණ හඳුනාගෙන Unlock වෙනවා. අපිට අපේ Agent එක්ක කතා කරල වැඩ කරගන්න පුළුවන්

8. Wearable Badge එකක් වගේ තියෙනවා නම් 5G එක්ක මේක තියෙන device එකක් අපේ අතේ වුණත් බැඳගෙන යන්න පුළුවන්. මේක target කරනවා කියන්නේ වෙළඳසැල් සේවකයි, ඩොක්ටර්ස්ල වගේ අයට)

තවමත් මේක Pilot Stage එකේ තියෙන්නේ. Target, CVS Health, Best Buy වගේ සමාගම් මේක මේ වෙද්දි Test කරනවා.

උපුටා ගැනීම: Lakshan Weerasingha

Share This Article