AI.com විකුණූ මිනිසා: ඩොලර් 100 සිට ඩොලර් මිලියන 70 දක්වා ගිය ගමන!

Mic
By Mic

ඩිජිටල් ලෝකයේ ඩොමේන් එකක් (Domain name) කියන්නේ ඉඩමක් වගේ දෙයක්. 2026 වසරේදී අපි දැක්කේ ඉන්ටර්නෙට් ඉතිහාසයේ සිදුවූ විශාලම “ඩොමේන් විකිණීමයි”. AI.com ඩොමේන් එක ඩොලර් මිලියන 70කට (ලංකා මුදලින් රුපියල් කෝටි 2,100කට වඩා වැඩි) අලෙවි වූ අතර, ඒ පිටුපස තියෙන්නේ පුදුම සහගත කතාවක්.

⚜️ කවුද මේ වැඩේ පිටුපස ඉන්න පුද්ගලයා? ⚜️

මොහු මැලේසියානු ජාතික තාක්ෂණික ව්‍යවසායකයෙකු වන Arsyan Ismail. මොහුගේ කතාව පටන් ගන්නේ 1993 වසරේදීයි. එවකට වයස අවුරුදු 10ක් වූ අර්ස්යාන් “AI.com” යන නම මිලදී ගැනීමට තීරණය කළා. ඒ කාලේ Artificial Intelligence කියන දේ ගැන ලෝකය දැනගෙන හිටියේ නැහැ. ඔහු මේක ගත්තේ එකම එක හේතුවක් නිසයි. ඒ තමයි “AI” කියන අකුරු දෙක ඔහුගේ නමේ මුල් අකුරු (Arsyan Ismail) වලට සමාන වීමයි.

– මුල් මිල: ඔහු තම මවගේ ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරලා මේ ඩොමේන් එක ගත්තේ එවකට ඩොලර් 100ක වැනි සුළු මුදලකටයි.

– බලා සිටීම: ඔහු වසර 30කට වැඩි කාලයක් මේ ඩොමේන් එක තමන් සන්තකයේ තබාගෙන ලෝකය වෙනස් වන දෙස බලා සිටියා.

⚜️ ඩොලර් මිලියන 70ක “සටන” ⚜️

පසුගිය අවුරුදු කිහිපය තුළ ලෝකයේ ලොකුම සමාගම් AI.com ලබා ගැනීමට උත්සාහ කළා.

– OpenAI: 2023 වසරේදී AI.com එකට ගියොත් ඒක කෙලින්ම යොමු වුණේ ChatGPT එකටයි. හැමෝම හිතුවේ සෑම් ඇල්ට්මන් ඒක ගත්තා කියලා.

– Elon Musk (xAI): මාස කිහිපයකට පස්සේ ඒක එලොන් මස්ක්ගේ xAI වෙබ්සයිට් එකට යොමු වුණා.

– DeepSeek: 2025 වෙද්දී ඒක චීනයේ DeepSeek AI එකට යොමු වෙලා තිබුණා.

ඇත්තටම සිද්ධ වුණේ අර්ස්යාන් විසින් මේ ඩොමේන් එක වැඩිම මිලක් දෙන සමාගම් වලට “කුලියට” ලබා දීම හෝ මිල වැඩි කර ගැනීමට උපක්‍රමයක් ලෙස පාවිච්චි කිරීමයි. ඔහු බලාගෙන හිටියේ නියම වෙලාව එනකම්.

⚜️ අවසාන විකිණීම (2025 අප්‍රේල් – 2026 පෙබරවාරි හෙළිදරව්ව) ⚜️

2025 අප්‍රේල් මාසයේදී මේ ගනුදෙනුව අවසන් වුණා. ඒක මිලදී ගත්තේ Crypto.com සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Kris Marszalek විසිනි.

– මිල: වාර්තාගත ඩොලර් මිලියන 70ක්. මුළු මුදලම ගෙවා තිබුණේ ක්‍රිප්ටෝ කරන්සි (Cryptocurrency) මගින්.

එළිදැක්වීම: 2026 පෙබරවාරි 8 වැනිදා පැවති Super Bowl LX තරඟාවලිය අතරතුර, Crypto.com සමාගම නිල වශයෙන් AI.com වෙබ්සයිට් එක හරහා ඔවුන්ගේ අලුත්ම AI agent platform එක එළිදැක්වූවා.

⚜️ ඇයි මේක මෙච්චර වටින්නේ? ⚜️

2026 වෙද්දී ලෝකයේ තියෙන වටිනාම වචනය තමයි “AI” කියන්නේ. අකුරු දෙකක ඩොමේන් එකක් සොයාගන්න හරිම අමාරුයි. අර්ස්යාන් ඉස්මයිල් වයස අවුරුදු 10දී කරපු ඩොලර් 100ක ආයෝජනය, අද වෙද්දී 700,000 ගුණයක ලාභයක් ඔහුට ලබා දීලා තියෙනවා.

උපුටා ගැනීම : GEN AI

Share This Article