AI Safety වලට අලුත් නීති අවශ්‍ය නැහැ? Jensen Huang ගෙන් අලුත්ම කතාවක්.

Mic
By Mic

ඔයා හිතන විදිහට AI සහ අලුත් Tech Products වල Safety එක ගැන පාලනය කරන්න අලුතින් නීති ගේන්න ඕනෙද? ලෝක ප්‍රසිද්ධ සමාගමක් වෙන Nvidia එකේ CEO වෙන Jensen Huang නම් කියන්නේ ඒකට අලුත් නීති කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලයි.

ඔහු මෑතකදී කරපු කතාවකදී පැහැදිලි කරලා තියෙනවා Safety කියන්නේ අනිවාර්යයෙන්ම ප්‍රධානම දේ වුණත්, ඒක හුදෙක් Engineering ගැටලුවක් විතරයි කියලා. සමාගමක් විදිහට තමන් හදන Product එකේ Safety එක ගැන විශ්වාසයක් නැත්නම්, ඒක Market එකට Release නොකර ඉන්න එක තමයි කරන්න ඕනේ කියලා එයා කියනව.

ඒ වගේම මේ දේවල් පාලනය කරන්න දැනටමත් Market එකේ ප්‍රමාණවත් බලපෑමක් තියෙන නිසා අලුතින් කිසිම නීති රීති අවශ්‍ය නැහැ කියන එක තමයි ඔහුගේ අදහස. ඉතින් මේ විදිහට අලුත් නීති නැතිව සමාගම් වලටම මේ දේවල් පාලනය කරන්න දෙන එක හරි කියලා ඔයා හිතනවාද? මේ ගැන ඔයා මොකද හිතන්නේ? පහළින් කමෙන්ට් කරන්න.

Shalinda Jayasinghe

Share This Article