Amazon Web Services,

Mic
By Mic

තම AI Data Center පිහිටි ඇමරිකානු ප්‍රදේශවලට ඉදිරි වසර පහ තුළ ඩොලර් බිලියන 1කට වැඩි මුදලක් ආයෝජනය කිරීමට සැලසුම් කර තිබේ. ඔක්තෝබර් 2 වැනිදා ප්‍රකාශයට පත් කළ මෙම වැඩසටහන, AI Data Center නිසා විදුලිබල භාවිතය, ජල පරිභෝජනය සහ ප්‍රදේශීය වියදම් පිළිබඳ වැඩිවෙමින් ඇති විරෝධයට ප්‍රතිචාරයක් ලෙස ඉදිරිපත් කර තිබේ.

මෙම මුදල් අධ්‍යාපනය, රැකියා පුහුණුව, විදුලිබල වියදම් අඩු කිරීමට උපකාරී වන වැඩසටහන් සහ ජලය ඇතුළු ස්වභාවික සම්පත් සංරක්ෂණ ව්‍යාපෘති සඳහා යොදවනු ඇත. Indiana, Louisiana, North Carolina, Virginia සහ Mississippi යන ප්‍රාන්තවල AWS AI Data Center පිහිටි ප්‍රජාවන් මෙම වැඩසටහනට ඇතුළත් වේ.

Amazon පවසන්නේ 2011 සිට 2025 දක්වා ඇමරිකාවේ Data Center සඳහා ඩොලර් බිලියන 276ක් ආයෝජනය කර ඇති බවයි. AI සේවා වේගයෙන් ව්‍යාප්ත වන නිසා, AI Data Center සඳහා අවශ්‍ය විදුලිබලය, ජලය සහ භූමි ප්‍රමාණයද ඉහළ යමින් තිබේ.

මෙම ව්‍යාප්තියට විරෝධයද වැඩිවී ඇත. ඇමරිකාව පුරා AI Data Center ඉදිකිරීම නවත්වන හෝ සීමා කරන යෝජනා 100කට වැඩි සංඛ්‍යාවක් සලකා බලමින් පවතින අතර, ප්‍රදේශවාසීන්ගේ ප්‍රධාන ගැටලු අතර විදුලිබල මිල, ජල භාවිතය, පරිසර බලපෑම සහ විශාල ඉඩම් ප්‍රමාණයක් අවශ්‍ය වීම ඇතුළත් වේ.

New York ප්‍රාන්තය ජූලි මාසයේ විශාල නව Data Center ඉදිකිරීම වසරක කාලයකට නවතා දැමූ අතර, Pennsylvania ප්‍රාන්තය අගෝස්තු මාසයේ AI Data Center සඳහා නව නීති හඳුන්වා දුන්නේය.

AWS තම ජල භාවිතය පිළිබඳ විවේචනවලට ප්‍රතිචාර දක්වමින්, 2030 වනවිට තමන් භාවිත කරන ප්‍රමාණයට වඩා වැඩි ජල ප්‍රමාණයක් ප්‍රජාවන් වෙත ආපසු ලබාදීමේ ඉලක්කයක් තබාගෙන ඇති බව පවසයි. සමාගම අනුව එම ඉලක්කයෙන් සියයට 75ක් පමණ මේ වනවිට සපුරා තිබේ.

AWS ප්‍රධානී Matt Garman පවසන්නේ AI සංවර්ධනය ඉදිරියට ගෙනයාම සඳහා AI Data Center අත්‍යවශ්‍ය බවත්, ලෝක AI තරගයේ තරගකාරී තත්ත්වය රැකගැනීමට ඇමරිකාව මෙම යටිතල පහසුකම් වේගයෙන් පුළුල් කළ යුතු බවත්ය.

ඒ සමඟම, AI Data Center ව්‍යාප්තියේ විදුලිබල, ජල සහ ප්‍රදේශීය සම්පත් පීඩනය දරාගන්නා ජනතාවට සෘජු ප්‍රතිලාභ ලබාදීම දැන් සමාගම්වලට වඩාත් වැදගත් කරුණක් බවට පත්ව තිබේ.

Red Bunny

Share This Article