Anthropic සමාගම ඔවුන්ගේ නවතම AI model එක වන Claude Sonnet 4.6 හඳුන්වා දෙයි

Mic
By Mic

මෙය coding, පරිගණක භාවිතය, සහ design වැනි ක්ෂේත්‍ර රැසක පෙර පැවති model වලට වඩා ඉහළ දක්ෂතාවක් දක්වනවා.

මෙම නවතම model එකේ ඇති ප්‍රධානම දියුණුවක් වන්නේ මිනිසෙකු මෙන් පරිගණකයක් සහ software හැසිරවීමේ හැකියාවයි. OSWorld නම් වන ගණිත පරීක්ෂණයට අනුව, මූසිකය click කිරීම සහ keyboard එකේ type කිරීම වැනි ක්‍රියාකාරකම් හරහා සංකීර්ණ කාර්යයන් ඉටු කිරීමට Sonnet 4.6 සමත් වෙනවා.

Coding සම්බන්ධයෙන්ද Sonnet 4.6 විශාල දියුණුවක් ලබා තිබෙනවා. developers ලා පවසන්නේ, මිලෙන් අධික Opus 4.5 model එකටත් වඩා ඇතැම් coding කාර්යයන් සඳහා ඔවුන් Sonnet 4.6 වඩාත් භාවිතා කරන බවයි. 1M token context window එකක් සහිතව එන නිසා, විශාල codebases හෝ ලේඛන එකවර විශ්ලේෂණය කිරීමටද මෙයට පුළුවන්.

ආරක්ෂාව අතින්ද මෙය වැඩිදියුණු කර ඇති අතර, ‘prompt injection’ වැනි ප්‍රහාර වලට ඔරොත්තු දීමේ හැකියාවද ඉහළයි.

උපුටා ගැනීම : Techie Instants

Share This Article