AI ලෝකයේ දැවැන්ත පෙරළියක් කරමින් Anthropic සමාගම සහ Elon Musk ගේ SpaceX සමාගම අතර විශේෂ ගිවිසුමක් 2026 මැයි 6 වනදා අත්සන් කරලා තියෙනවා..
SpaceXAI ලගේ Colossus 1 කියන data center එකේ බලය Claude AI වෙත ලබා දෙන එක තමයි මේකේ ප්‍රධාන අරමුණ.. Colossus 1 ඩේටා සෙන්ටර් එක NVIDIA H100, H200 සහ නවතම GB200 වර්ගයේ GPU 220,000කට වඩා වැඩි ගාණක් තියෙන සුපිරිම ගණයේ ඩේටා සෙන්ටර් එකක්.. මේක මහා පරිමාණ AI Training කරන වැඩවලට සහ data processing වලට නිර්මාණය කරපු එකක්..
Claude usersලට ලැබෙන වාසි තමයි
– Pro, Max, Team and seat-based Enterprise plans භාවිතා කරන අයට Rate Limits දෙගුණයකින් වැඩි වෙනවා..
– Peak hours වලදි තිබුන limit එක අඩු වෙනවා (Claude Code for Pro and Max plans වලට)
– Claude මගින් සිදුකරන Coding සහ Agent කාර්යයන් වඩාත් වේගවත් වෙනවා.
මෙයාලගේ තව ප්ලෑන් එකක් තියෙනවා අභ්‍යාවකාශයේ ඩේටා සෙන්ටර් හදන්න.. පෘථිවිය මත තියෙන විදුලිය සහ ඉඩකඩ සීමිත නිසා SpaceX එකේ සපෝට් එක ඇතිව අභ්‍යවකාශයේ (Orbital) AI දත්ත මධ්‍යස්ථාන පිහිටුවීමට ද මෙයාලා discuss කරලා තියෙනවා.. මේක සාර්ථක වුනොත් පෘථිවියට බලපෑමක් නැති, සීමා රහිත බල ශක්තියක් සහිත AI යුගයක් උදා වනු ඇත..
වැඩි විස්තර @xai, @claudeai, @ClaudeDevs එකෙන් බලාගන්න පුලුවන්
උපුටා ගැනීම : Dinith Maleesha
